සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ දකුණු අප‍්‍රිකානු කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (26) පැවැති දෙවැනි තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල ලකුණු 67 ක ජයක් ලැබීය.
මෙම ජයග‍්‍රහණයත් සමග දකුණු අප‍්‍රිකානු පිල තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස තරගාවලියේ ජය ලැබීමට සමත් විය.
මෙම තරගයේදී ශෂිකලා සිරිවර්ධන පන්දු 96 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 68 ක් රැස්කළ අතර එය ශෂිකලාගේ එක්දින ජාත්‍යන්තර තරගයක ඉනිමක ඉහළතම ලකුණු සංඛ්‍යාව වේ.
දකුණු අප‍්‍රිකානු කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 50 යේදී කඩුලූ 3 ට 274
(ලිෂිලි ලී 65, ටි‍්‍රෂා චෙට්ටි 37, මිග්නොන් ඩූ ප‍්‍රීෂ් නොදැවී 79, මරිෂාන්නි කාප් 72, ශෂිකලා සිරිවර්ධන 42/2)
ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 207
(යශෝධා මෙන්ඩිස් 16, ශෂිකලා සිරිවර්ධන 68, චමනි සෙනෙවිරත්න 40, ඩිලානි මනෝදර නොදැවී 24, නිලූකා කරුණාරත්න 13, ශබ්නිම් ස්මයිල් 34/3, සුනිට්ලි ලොයුබ්සර් 51/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.