Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ස්ථාවරය කියැවෙන ලියවිල්ලක්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ස්ථාවරය කියැවෙන ලියවිල්ලක්

ශනුක අරවින්ද - 2014 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A



අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාමය වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හි ස්ථාවරය පැහැදිළි කිරීම සඳහා හෙට (5 වැනිදා) පැවැත්වෙන රැස්වීමේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සාමාජිකයන්ගේ අදහස් ලබාගැනීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවක් (ඡන්ද විමසීමක්) සාමාජිකයන්ට නොලැබෙන  නමුත් සාමාජිකයන්ගේ අදහස්ද සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හි ස්ථාවරය පැහැදිළි කෙරෙන ලියවිල්ලක් බ‍්‍රහස්පතින්දා (6 වැනිදා) සකස් කිරීමට නියමිතය.

ඒ සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව බ‍්‍රහස්පතින්දා සවස රැස්වීමට නියමිතය.

”මේ වගේ තීරණාත්මක වගේම ආන්දෝලනාත්මක වෙලාවක නිකම් කට වචනයෙන් මතයක් ප‍්‍රකාශ කිරීමට යන එක අවදානම්. එය ලියවිල්ලකින් තමයි දෙන්න  ඕනෑ”

”ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පොදු මතය කියන්නේ ඒ රැස්වීමට යන අයකුගෙන් පිටවන වචන විතරක් නෙමේ” යයි මෙවන් ලියවිල්ලක් සකස් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමසා සිටි අවස්ථාවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ  උසස්ම නිලධාරියෙක් පැවසීය.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථා වෙනස්කම් ගැන කියැවෙන ‘ස්ථාවර පති‍්‍රකාව’ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව ඊයේ (3 වැනිදා) රැස්වූ අතර එහි බහුතර මතය වූයේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති වගන්ති 6 න් 5 කටම විරුද්ධත්වය ප‍්‍රකාශ කළ යුතු බවයි.

බහුතර මතය එසේ වුවත් මෙම අවස්ථාවේදී ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය අමනාප කරගත යුතු නැති බවත්, ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සමග එක්වී ඉදිරියට යා යුතු බවත් විධායක කමිටුවේම ඇතැම් සාමාජිකයෝ කියා සිටිති.

”ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම සම්පූර්ණ තරග සංචාරයක් සඳහා 2017 දී ශී‍්‍ර ලංකාවට එන්නයි ඉන්නේ. ඒ වෙනුවෙන් අපි රූපවාහිනී සමාගම් සමග ඩොලර් මිලියන 27 ක (රුපියල් කෝටි 350 කටවැඩි) ගිවිසුමක් අත්සන් කරලාත් තියෙනවා... ඉතින් මේ වෙලාවේ ඉන්දියාවට විරුද්ධ වෙලා, 2017 දී ඉන්දියාව ආවේ නැත්නම් අපිට ඒ මුදල නැතිවෙනවා” යයිද විධායක කමිටුවේ සාමාජිකයෙක් ලංකාදීපට ඊයේ (4 වැනිදා) පැවසීය.

පාර්ශ්වයක් එසේ කීවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේම තවත් අය පවසන්නේ මේ අවස්ථාවේදී ඉන්දියාවේ ඇම කෑවොත් එය වමාරා ගැනීමට ඉතාමත් අපහසු වනු ඇති බවයි.

”මේ වෙලාවේ ඉන්දියාව අපට නොයෙකුත් පොරොන්දු දෙයි. ඒත් ඊට පස්සේ ඒවා ඉටුකරනවාද නැද්ද කියලත්, ඒ පොරොන්දු වලට අදාළ වෙනත් කොන්දේසි තියෙනවාද කියලත් කිසිම සඳහනක් නෑ”

”අනෙක මේවා ගිවිසුම් නෙමේ. අපේ කැමැත්ත ගන්නකම් වාචිකව දෙන පොරොන්දු විතරයි. ඒ හින්දා මේ වෙලාවේ ඉන්දියාවයි අනෙක් දෙන්නයි (එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව* එකතුවෙලා දෙන පොරොන්දු ගැන විශ්වාසයක් තියන්න බෑ” යයි තවත් විධායක කමිටු සාමාජිකයෙක් පැවසීය.

මෙම ව්‍යවස්ථා සංශෝධන කෙරේ පාකිස්තානයේ අනුමැතිය ලබාගැනීමේ අටියෙන් ද්විපාර්ශ්වික තරගාවලි සඳහා දෙන පොරොන්දු සම්බන්ධයෙන් විශ්වාස කළ නොහැකි බව පවසන පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති සකා අශ්රාෆ් මහතා පාකිස්තානු වෙබ් අඩවියකට මෙසේ කියා තිබිණ.

”අපිත් (පාකිස්තානය) එක්ක මධ්‍යස්ථ තැනකදී තරගාවලියකට සහභාගි වෙන්නම් කියලා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය අපට යෝජනා කළා. මගේ මතය අනුව එය සුබවාදී දෙයක් තමයි. ඒත් මේ වෙලාවේ අපට කිසියම් සහතිකයක්  ඕනෑ කරනවා”

”ඉන්දියාවත් පාකිස්තානයත් අතර පැවැත්වීමට යෝජනා කරන මේ තරගාවලිය ස්ථිර වශයෙන්ම පැවැත්වෙන්නක් බවට සහතිකයක් අපට  ඕනෑ. නැත්නම් මේ තරගාවලිය ස්ථිරවම පැවැත්වෙනවා කියලා අප කියන්නේ කොහොමද? ඒකට හේතුව තමයි පසුගිය අවුරුදු 10 පුරාම අපිත් එක්ක තරග කරන්න පාකිස්තානය කැමති වුණේ නැති එක”

”මම එකක් කියන්නම්. මේ වෙලාවේ ඉන්දියාවේ අම කන්න අපි සූදානම් නෑ” යයිද සකා අශ්රෆ් මහතා පවසා තිබිණ.

මුලින්ම සකස් කරන ලද ‘ස්ථාවර පති‍්‍රකාව’ට එල්ලවූ දැඩි විරෝධතා නිසා මේ වන විටත් එය සංශෝධනය කර තිබේ. එහෙත් සංශෝධිත කෙටුම්පත  සම්බන්ධයෙන් සාකච්ඡ කෙරෙන අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මීල`ග රැුස්වීම පැවැත්වෙන්නේ මේ මස 8 වැනිදා සිංගප්පූරුවේදීය.


අදහස් (4)

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ස්ථාවරය කියැවෙන ලියවිල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.