ආසියානු කි‍්‍රකට් සංගමය විසින් සංවිධානය කරන ආසියාවේ නැගී එන කණ්ඩායම් අතර සිංගප්පූරුවේ පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණිමට ශී‍්‍ර ලංකා වයස 23 පහළ පිල සමත්වී තිබේ.
‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන ශ්‍රී ලංකා වයස 23 පහළ පිල, හෙට (23 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන පාකිස්තාන වයස 23 න් පහළ පිලට එරෙහිව තරග වැදීමට නියමිතය.
අනෙක් අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ ඉන්දියා වයස 23 න් පහළ පිල සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල අතරයි.
තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන ශ්‍රී ලංකාව පළමු වටයේ තරග වලදී බංගලාදේශය (ලකුණු 65 කින්), එක්සත් අරාබි එමීර් රාජ්‍ය (ලකුණු 30 කින්) සහ සිංගප්පූරුව (ලකුණු 13 කින්) පරාජය කරමින් ජය වාර්තා කළේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.