එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ලීඞ්ස්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට අද (26 වැනිදා) තරගය නිමාවන විටදී පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 5 ක් දැවී ලකුණු 329 ක් රැස්කරගෙන සිටියේය. ශායි හෝප් ලකුණු 147 ක් සහ ජරමේන් බ්ලැක්වුඞ් ලකණු 21 ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
ශායි හෝප් සිය මංගල ටෙස්ට් ශතක රැස්කර ගැනීමට සමත්වූ අතර දිනය නිමාවන විටදී පන්දු 252 කදී හතරේ පහර 23 ක් සමගින් නොදැවී 147 ක් රැස්කරගෙන සිටියේය.
ජේම්ස් ඇන්ඩර්සන්ගේ පන්දු යැවීම හමුවේ කඩාවැටුණු කොදෙව් ඉනිම ගොඩනැගීමේ වගකීම භාරගත් ක්‍රෙග් බ්‍රැත්වෙයිට් සහ ශායි හෝප් සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 246 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ. කොදෙව් ඉනිමේ පළමු කඩුලු තුන ලකුණු 35 ක් තුළ දවාගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත්විය.
ආරම්භක පිතිකරු ක්‍රෙග් බ්‍රැත්වෙයිට් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් සිවුවැනි කඩුල්ල ලෙස දැවීයන විටදී ලකුණු පුවරුව 281 ක් ලෙස දිස්විය. සිය හයවැනි ටෙස්ට් ශතකය අද වාර්තා කළ ක්‍රෙග් බ්‍රැත්වෙයිට් පන්දු 249 කට මුහුණදෙමින් හයේ පහර දෙකක් සහ හතරේ පහර 17 ක් සමගින් ලකුණු 134 ක් රැස්කිරීමට සමත්විය.
ඊයේ දිනය නිමාවන විටදී කොදෙව් පිල කඩුල්ලක් අහිමිකර ගනිමින් ලබාසිටියේ ලකුණු 19 ක් පමණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.