Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත පීතරට ඉනිමක ජයක්

ශාන්ත පීතරට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර බම්බලපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 10 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.

ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ (138) ශතකයක් ලබාගත් අතර ශාලික ප්‍රනාන්දු (94) ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

ශිවාන් පෙරේරා ලකුණු 20 කට කඩුලු 5 ක්ද, සන්තුෂ් ගුණතිලක ලකුණු 31 කට කඩුලු 4 ක්ද දවාගනිමින් ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායක වූහ. 

 

ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 24.4 කදී සියලු දෙනා දැවී 79
(ශිවාන් පෙරේරා 20/5, සන්තුෂ් ගුණතිලක 31/4)

ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 69.1 කදී කඩුලු 6 ක් දැවී 289
(ලක්ෂිණ රොද්‍රිගූ 138, ශාලික ප්‍රනාන්දු 94, රවිඳු සිල්වා නොදැවී 21, විනුජ රණසිංහ 78/2, අෂේර්
වර්ණකුලසූරිය 6/2)

ශාන්ත සෙබස්තියන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 74.5 කදී සියලු දෙනා දැවී 200
(නිමේෂ් බණ්ඩාර 59, තරුෂ ප්‍රනාන්දු 44, අෂේර් වර්ණකුලසූරිය 33, නුවනිදු ප්‍රනාන්දු 22, චතුර ඔබේසේකර 34/3, සචින් සිල්වා 67/3, මොහොමඞ් අමීන් 37/3)


- 036

 


අදහස් (0)

ශාන්ත පීතරට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.