Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත පීතර විදුහලට කඩුලු 4ක ජයක්
51වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය

ශාන්ත පීතර විදුහලට කඩුලු 4ක ජයක්

editorial - 2025 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ ශාන්ත ජෝශප් විදුහල අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පසුගියදා පැවැති 51වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයේදී කඩුලු 4ක ජයක් ලබමින් ගරු පීටර් පිල්ලේ අනුස්මරණ කුසලානය දිනාගැනීමට ශාන්ත පීතර විද්‍යාලය සමත්විය. 

කාසියේ වාසිය හිමිකර ගත් ශාන්ත පීතර පිලේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන්  ශාන්ත ජෝශප් පිල ඕවර 49 කදී ලකුණු 177කට සීමා කිරීමට ශාන්ත පීතර පන්දු යවන්නන් සමත්වූහ. 

ශාන්ත ජෝශප් ඉනිමේ වැඩිම ලකුණුලාභී පිිතිකරුවාවූ අවීෂ සමාෂ් පන්දු 120 කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 75ක් රැස් කළේය. නුශාන් පෙරේරා සහ අභිෂේක් ජයවීර තම ඉනිම ගොඩනැංවීමට දායකවූහ. 

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශාන්ත පීතර විදුහල ඕවර 45.5කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 180 ක් රැස් කළේය. ශාන්ත පීතර ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ දිලන දම්සර පන්දු 95 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 60 ක් රැස් කළේය. 

ශාන්ත ජෝශප් පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ යෙනුල දෙව්තුස ලකුණු 33කට කඩුලු 4ක් දවාලීය.

ශාන්ත පීතර විද්‍යාලයේ ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වූ එනෝශ් පීටර්සන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. 


ශාන්ත ජෝශප් විදුහල - ඕවර 49 කදී 177 යි 
(අවීෂ සමාෂ් 75, නුශාන් පෙරේරා 34, අභිෂේක් ජයවීර 30, ලෂ්මික පෙරේරා 31/2, එනෝශ් පීටර්සන් 43/2)

ශාන්ත පීතර විදුහල - ඕවර 45.5 කදී  කඩුලු 6 ට 180 යි
(දිලන දම්සර 60, එනෝශ් පීටර්සන් නොදැවී 37, ඔවීන් සල්ගාදු 24, යෙනුල දෙව්තුස 33/4)

 


අදහස් (0)

ශාන්ත පීතර විදුහලට කඩුලු 4ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.