Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පන්නිපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයකින් ඉනිමක සහ ලකුණු 124 ක පහසු ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ වමතින් දඟ පන්දුයවන ක්‍රීඩක පවිත් රත්නායක ලකුණු 76 කට කඩුලු 10 ක් දවා ගනිමින් සාන්ත තෝමස් විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.
සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් ශතක ලබාගත් ඉෂේන් පෙරේරා (107) සහ මන්තිල විජේරත්න (102) සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 80.2 කදී කඩුලු 7 ක් දැවී 339
(ඉෂේන් පෙරේරා 107, මන්තිල විජේරත්න 102, රවිඳු කොඩිතුවක්කු 62, මහීම වීරකෝන් 86/2, චමිදු සමරසිංහ 89/2)
ධර්මපාල විදුහල පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 111
(කනිෂ්ක ජයසුන්දර 23, ගිම්හාන් මුණසිංහ 21, පවිත් රත්නායක 29/3, දිනුර ගුණවර්ධන 30/3)
ධර්මපාල විදුහල දෙවැනි ඉනිම - ඕවර 34.3 කදී සියලු දෙනා දැවී 104
(දුලාජ් එගොඩගේ 28, හසින්ත විෂ්වජිත් 30, පවිත් රත්නායක 47/7, ඩෙලෝන් පීරිස් 20/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.