Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසළාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී මීගමුව ලොයෝලා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මීගමුව ශා. පීතර විදුහල පසුගියදා සමත්විය. මෙම තරගය දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
ශා. පීතර විදුහලේ ජුලියස් ප්‍රනාන්දු ශතකයක් (117) සහ ලකුණු 30 කට කඩුලු 3 ක් දවගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ අතර දිනෙත් සත්සර ලකුණු 30 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ලොයෝලා විදුහල - පළමු ඉනිම - ඕවර 28 කදී සියලුදෙනා දැවී 124
(ශෝන් රොඞ්්‍රගූ 41, දිනෙත් සත්සර 30/5, ජුලියස් ප්‍රනාන්දු 30/3)
ශා. පීතර විදුහල - පළමු ඉනිම - ඕවර 53.3 කදී කඩුලු 6 ක් දැවී 246
(ජුලියස් ප්‍රනාන්දු 117, රුශිත ප්‍රනාන්දු 40, ලසිත් පිරීස් 28, සමීන් නෝනිස් 24/3)
ලොයෝලා විදුහල - දෙවන ඉනිම - ඕවර 12 කදී කඩුලු 5 ක් දැවී 87
(ශෝන් රොඞ්්‍රගූ 66, ලසිත් පිරීස් 00/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.