මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර කටුනායකදී පැවති අන්තර් පාසල් වයස අවුරුදු 17 න් පහළ I වැනි කාණ්ඩයේ අවසන් පූර්ව තරගයෙන් ශාන්ත අන්තෝනි විදුහල පරදවා ලකුණු 70 ක (ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව) පහසු ජයක් ලබාගත් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
මෙම තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 19 වැනිදා ශාන්ත සෙබස්තියන් විදුහල සහ ගල්කිස්ස සා. තෝමස් විදුහල අතර ආර්. පේ‍්‍රමදාස ජත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් පිලේ කුසල් ලක්තිළිණ ලකුණු 83 ක් රැස්කරමින් තම පිලට හොඳ අඩිතාලමක් දමාදුන්නේය.
ලකුණු 175 ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ශාන්ත අන්තෝනි පිලේ පිතිකරුවන් අසරණ කළ සෙබස්තියන් පිලේ ලහිරු හේෂාන්, ලකුණු 3 කට කඩුලූ 4 ක් දවාගනිමින් තම පිලේ ජයග‍්‍රහණය තහවුරු කළේය.
පළමු වටයේදී මොරටුව වේල්ස් කුමර විදුහල, කොළඹ ඉසිපතන විදුහල, වේළුවන මහ විදුහල, තර්ස්ටන් විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල පරජය කළ ශාන්ත සෙබස්තියන් කී‍්‍රඩකයෝ දෙවැනි වටයේදී තවත් තරග 3 කින් ජය ලබාගනිමින් පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියහ.
පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී නැවත වරක් තර්ස්ටන් විදුහලත්, අර්ධ අවසන් පූර්ව වටයේදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලත් පරාජය කළ සෙබස්තියන් කී‍්‍රඩකයෝ අවසන් පූර්ව තරගයේදී ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව කී‍්‍රඩා කිරීමට සුදුසුකම් ලබාගත්හ.
ශාන්ත සෙබස්තියන් විදුහල ඕවර 40 කදී සියලූදෙනා දැවී 174
(කුසල් ලක්තිළිණ 83, සඳරුවන් ප‍්‍රනාන්දු 18, අවිෂ්ක ප‍්‍රනාන්දු 15, ඩිලාන් බණ්ඩාර 3/33, ඩිලංක විජේරත්න 2/33)
ශාන්ත අන්තෝනි විදුහල ඕවර 33.2 කදී කඩුලූ 9 ක් දැවී 80
(පුලස්ති බණ්ඩාර 22, ලහිරු හේෂාන් 03/4, සචින්ත සිල්වා 09/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.