අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (2 වැනිදා) සමත් විය.  
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් අත්කර ගනිමින් ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
හිම්සර රන්දෙණි (53) සහ දිනුක රොද්‍රිගූ (50) අර්ධ ශතක ලබාගනිමින් ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
	
	ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 145
	(කවිඳු පෙරේරා 39, දර්ශන ප්‍රනාන්දු 39, ඩෙවාන් ඇන්තනී 15/2, යොහාන් අරුණ 20/2, ලිම්සන් ජෙලර්ඞ් 38/2, නිරෝෂ් අර්ශන 38/2)
	ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 30.3 කදී කඩුලු 3 ක් දැවී 146
	(හිම්සර රන්දෙණි 53, දිනුක රොද්‍රිගූ 50, සුකිත පබසර 30/2)
	
	- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.