බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල සහ සීතාවක මැදි විදුහල අතර බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.
එහිදී කෙවින් අමරසිංහ (83), ජේ. ඒ. ජයකොඩි (53) සහ කේ. ඩබ්. දිල්හාර (53) ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.
දක්ෂ පන්දුයැවීමක නිතර වූ සීතාවක මැදි විදුහලේ විමුත්ති ලක්ෂාන් පළමු ඉනිමේදී ලකුණු 47 කට කඩුලු 8 ක් දවාගත්තේය.
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 56.2 කදී සියලු දෙනා දැවී 220
(කෙවින් අමරසිංහ 83, එල්. ආර්. විජේරත්න 27, විමුත්ති ලක්ෂාන් 47/8, එම්. දිල්රුක්ෂාන් 25/2)
සීතාවක මැදි විදුහල පළමු ඉනිම - ඕවර 61.1 කදී සියලු දෙනා දැවී 159
(බුද්ධි මධුෂාන් 31, එම්. දිල්රුක්ෂාන් 25, දමිත් අචින්ත 22, එස්. ඒ. බස්නායක 35/6)
ශාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 39.3 කදී කඩුලු 7 ක් දැවී 183
(ජේ. ඒ. ජයකොඩි 53, කේ. ඩබ්. දිල්හාර 53, කේ. එම්. ලියනගේ 29, නවෝත් අභිෂේක් 55/2, විමුක්ති ලක්ෂාන් 61/2)
සීතාවක මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 28 කදී කඩුලු 5 ක් දැවී 133
(දසිත් තරුෂ 36, කළණ මධුෂංක 26, දමිත් සචින්ත 23, ජේ. එස්. සමරකෝන් 19/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.