හලාවත ශාන්ත මරියා විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 114 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ජෝෂප් වාස් විදුහල් ක්‍රීඩකයෝ ඕවර 26.2 ක් අවසානයේ එම ඉලක්කය පසුකර ගිය අතර නොදැවී ලකුණු 46 ක් රැස්කළ දයාන් සචින්තන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
	
	ශාන්ත මරියා විදුහල - ඕවර 45.4 කදී සියලු දෙනා දැවී 113
	(චාරුක තරිඳු 26, යොවෙල් ක්‍රෙඞ්ස්ටන් 23, නිපුන් ධනංජය 21/3, තරුෂ ප්‍රනාන්දු 11/2, අවිඳු ෂෙහාර 26/2)
	ශාන්ත ජෝෂප් වාස් විදුහල - ඕවර 26.2 කදී කඩුලු 2 ක් දැවී 114
	(දිල්ෂාන් පෙරේරා 47, දයාන් සචින්තන නොදැවී 46)
	
	- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.