කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ I වැනි කොටසේ තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. මෙම තරගය ඊයේ (04 වැනිදා) ශාන්ත ජෝශප් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මුලින්ම පන්දුවට පහරදුන් ශාන්ත ජෝශප් විද්‍යාලය කඩුලූ 8 කට ලකුණු 267 ක් ලබා ඉනිම අත්හිටවු අතර පී. පෙරේරා (83) සහ ඞී. ද අල්විස් (57) අර්ධ ශතක ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දක්වන්නට සමත්විය. ලකුණු 267 ක ඉලක්කයක් හඹාගිය තර්ස්ටන් විද්‍යාලය ලකුණු 281 ක් ලබා ගනිමින් පළමු ඉනිමේ ජය සනිටුහන් කරගත් අතර ඉනිම අත්හිටුවීම ගැන පසුතැවිලි වන්නට ශාන්ත ජෝශප් විද්‍යාලයට සිදුවිය.
ශාන්ත ජෝශප් විද්‍යාලයේ එම්. රොඞ්රිගු ලකුණු 73 කට කඩුලූ 8 ක් දවාගෙන පන්දුවෙන් දස්කම් දැක්වුවද පළමු ඉනිමේ පරාජයෙන් ගැලවීමට නොහැකිවිය.
දිනය නිමාවනවිට දෙවන ඉනිම ක‍්‍රීඩා කළ ශාන්ත ජෝශප් විද්‍යාලය කිසිවකු නොදැවී ලකුණු 41 ක් ලබා සිටියහ.
ශා. ජෝශප් විදුහල පළමු ඉනිම ඕවර 62.1 කදී කඩුලූ 8 ක් දැවී 267
(පී. පෙරේරා 83, ඞී. ද අල්විස් 57, පී. මදුශංක 37, එන්. අබේසේකර 28, ඞී. ප‍්‍රනාන්දුපුල්ලේ 25, කවිදු කුළසේකර 59/3, මින්හාජ් ජලීල් 75/2)
තර්ස්ටන් විදුහල පළමු ඉනිම ඕවර 77.2 කදී සියලූ දෙනා දැවී 281
(චරන නානායක්කාර 57, ඒ. විජේසිංහ 50, එස්. පිරීස් 33, එස්. ගුණතිලක 26, මින්හාජ් ජලීල් 22, එම්. රොඞ්රිගු 73/8)
ශා. ජෝශප් විදුහල දෙවන ඉනිම ඕවර 10 කදී කිසිවකු නොදැවී 41
(ඞී. ද අල්විස් නොදැවී 23, ඞී. ප‍්‍රනාන්දුපුල්ලේ නොදැවී 14)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.