Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවේ තරග ඕමානයේදී

ශ්‍රී ලංකාවේ තරග ඕමානයේදී

editorial - 2021 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(දමින්ද විජේසූරිය)

වසර 2014 දී ලෝක ශූරයන් වුවද, මේ වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී සුදුසුකම් තේරීමේ තරගාවලියකට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ. ප්‍රධාන තරගාවලියට පෙර පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරග ඕමානයේදී පැවැත්වේ.

සුදුසුකම් තේරීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව නැමීබියාව, නෙදර්ලන්තය සහ අයර්ලන්තය යන කණ්ඩායම් තරග වදිති. සුදුසුකම් තේරීමේ තරගාවලිය අවසානයේදී එක් එක් කාණ්ඩයේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.

ප්‍රධාන තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය එකම කාණ්ඩයකට වැටී තිබීම තරගාවලියේ උද්වේගකර බව වැඩිකරවන්නකි. ප්‍රධාන තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වේ.

වි-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන තරගාවලියේ තරග සියල්ලම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි, අබුඩාබි සහ සාජා ක්‍රීඩාංගණවලදී පැවැත්වේ. තරගාවලියේ තරග කාලසටහන තව නොබෝ දිනකින් එළිදක්වීමට නියමිතය.

ඉතාමත් ප්‍රබල කණ්ඩායම් 4 ක් වන එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් I වැනි කාණ්ඩයටත්, ඉන්දියාව, පාකිස්තානය සහ නවසීලන්තය II වැනි කාණ්ඩයටත් වැටී සිටිති. ඇෆ්ඝනිස්ථානය ප්‍රධාන කාණ්ඩයේ සිටියද වෘත්තීය මට්ටමින් බොහෝ ඉහළ තලයක සිටින ඉන්දියාව, පාකිස්තානය සහ නවසීලන්තය හමුවේ ඉදිරියට යාම පහසු නොවේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි මහතා සහ එහි ලේකම් ජායි ෂා මහතා ඕමානයට පැමිණීමෙන් පසුව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩයිස් මහතා විසින්, තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩගත කිරීම නිවේදනය කරන ලදි.

මෙම තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තීරණය කෙරිණ. තරගාවලිය ඩුබායිහිදී පැවැත්වෙන නමුත් එහි සත්කාරක අයිතිය හිමිවන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයටයි.

ජෙෆ් ඇලර්ඩයිස් මහතා කීවේ තරගාවලියට නරඹන්නන් කැඳවීමට තමන් කැමති වන නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ රජයන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඒ පිළිබඳ අවසන් තීරණය ගන්නා බවයි. එක කාණ්ඩයක සිටින කණ්ඩායමක් අනෙක් කාණ්ඩයේ කණ්ඩායම් සමග පුහුණු තරග පැවැත්විය හැකි නමුත් දෙරටේ සංචාරක නීති රීති අනුව එම තරග පැවැත්වෙන ආකාරය වෙනස් විය හැකි බවත් ඇලර්ඩිස් මහතා පැවසීය.

අවසන් වරට විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වූයේ වසර 2016 දීය. එවර අවසන් මහ තරගයේදී එංගලන්තය පරාජය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් ලෝක කුසලාන දිනාගන්නා ලදි.


කණ්ඩායම් කාණ්ඩගත කිරීම

සුදුසුකම් තේරීමේ තරගාවලිය  

‘ඒ’ කාණ්ඩය
ශ්‍රී ලංකාව, නැමීබියාව, නෙදර්ලන්තය සහ අයර්ලන්තය

‘බී’ කාණ්ඩය
ඕමානය, බංග්ලාදේශය, පැපුවා නිව්ගිනියාව සහ ස්කොට්ලන්තය


සුපිරි 12 දෙනාගේ අදියර
Iවැනි කාණ්ඩය
එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, I වැනි කාණ්ඩයේ ශූරයන් සහ II වැනි කාණ්ඩයේ අනුශූරයන්

II වැනි කාණ්ඩය
ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, ඇෆ්ඝනිස්ථානය, I වැනි කාණ්ඩයේ අනු ශූරයන් සහ II වැනි කාණ්ඩයේ ශූරයන්

 

- 213

 


අදහස් (0)

ශ්‍රී ලංකාවේ තරග ඕමානයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.