Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගය ලෙස බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. එම තරගයෙන් දකුණු අප්‍රිකාව ජය ලැබීමත් සමග ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවසන් අවස්ථාවත් අහිමි විය.
සුපිරි 12 වටයේදී තරග 3 ක් පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා බංග්ලාදේශය හමුවේ දකුණු අප්‍රිකාව පරාජය වීම අනිවාර්ය වී තිබිණ. එහෙත් එය එසේ සිදු නොවීමත් සමග ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් නොළබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ඒ අනුව එළබෙන 4 වැනිදා පැවැත්වෙන තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවද, ඉන් කිසිදු ඵලක් නොවනු ඇත.
කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 84 ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඇන්රික් නොකියා සහ කගිසෝ රබාඩා කඩුලු 3 බැගින් දවාගත් අතර බංග්ලාදේශ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් තබ්‍රේස් ශම්ෂි කඩුලු 2 ක් බිඳහෙළුවේය.
බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මෙහෙදි හසන් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක් රැස්කළ අතර මන්දගාමී ඉනිමක් ක්‍රිඩා කළ ආරම්භක පිතිකරු ලිටන් දාස් පන්දු 36 කදී හතරේ පහරක් සමග ලකුණු 24 ක් රැස්කළේය. බංග්ලාදේශ පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී ගිය අතර ඉන් සිවුදෙනෙකුම ලකුණු නොළබා දැවී ගිය පිතිකරුවන් වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 85 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු පිතිකරුවෝ ඕවර 13.3 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී නායක ටෙම්බා බවුමා පන්දු 28 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 31 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් පන්දු 15 කදී ලකුණු 16 ක්ද, රාසි වැන්ඩර් ඩසන් පන්දු 27 කදී ලකුණු 22 ක්ද රැස්කරමින් ජයග්‍රහණය සඳහා දායකත්වය සැපයූහ.
බංග්ලාදේශය - ඕවර 18.2 කදී සියලු දෙනා දැවී 84
(ලිටන් දාස් 24, මෙහෙදි හසන් 27, ඇන්රික් නොකියා 08/3, කගිසෝ රබාඩා 20/3, තබ්‍රේස් ශම්ෂි 21/2)
දකුණු අප්‍රිකාව - ඕවර 13.3 කදී කඩුලු 4 ක් දැවී 86
(ක්වින්ටින් ඩි’කොක් 16, රාසි වැන්ඩර් ඩසන් 22, ටෙම්බා බවුමා නොදැවී 31, ටස්කින් අහමඩ් 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.