Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
සංචාරක ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 294 ක් ලබාගැනීමට සමත් විය.
ඇෆ්ඝනිස්ථාන ඉනිමේ නැංගුරම බවට පත්වූ ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සද්‍රාන් (106) පන්දු 120 කදී සිය 2 වැනි එක්දින ශතකය ලබාගත් අතර ඊට හතරේ පහර 11 ක් ඇතුළත් විය. ශතකය ලබාගැනීමෙන් අනතුරුව මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි වනිඳු හසරංග අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය.
රහ්මනුල්ලා ගුර්බාස් (53) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඊබ්‍රහීම්, ඉන් නොනැවතී රාමට් ෂා (52) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ලකුණු 118 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
ඇෆ්ඝනිස්ථාන ඉනිමේ 5 වැනි ඕවරය යැවූ කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ ලකුණු 13 ක් ලබා සිටියදී රහ්මනුල්ලා ගුර්බාස් ලබාදුන් උඩ පන්දුවක්, ස්ලිප්හි පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතින් ගිළිහී යෑමත් සමග ඔහුට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා විය.
පන්දු 55 කට මුහුණදුන් ගුර්බාස් හතරේ පහර 9 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 64 කදී වාර්තා වූ රාමට් ෂාගේ අර්ධ ශතකය හතරේ පහර 2 කින් සමන්විත විය. වේගවත් පිතිහරඹයක නිරත වූ නජිබුල්ලා සද්රාන් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 42 ක් රැස්කරමින් සිය කණ්ඩායම ලකුණු 300 සීමාව ආසන්නයටම ගෙන ගියේය.
කෙසේ වුවත් විශිෂ්ඨ ලෙස පන්දු රැකීමේ කාර්යයේ නිරත වූ අතිරේක ක්‍රීඩක අෂේන් බණ්ඩාර දුවද්දී දවාගැනීම් දෙකකට දායක වෙමින් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට ලකුණු 300 සීමාව පසුකර යෑමට තිබූ අවස්ථාව අහිමි කළේය. ගුලාබ්දීන් නයිබ් ලකුණු 22 කට දවාගත් ධනංජය ලක්ෂාන් සහ මොහොමඩ් නබී ලකුණු 2 කට දවාගත් කසුන් රාජිත ඒ සඳහා අෂේන්ට අනගි සහායක් දුන්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.