Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට එරෙහිව හේසල්වුඩ් පිටියට
ඕස්ට්‍රේලියානු සංචාරය

ශ්‍රී ලංකාවට එරෙහිව හේසල්වුඩ් පිටියට

editorial - 2022 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇලපතේ ආබාධයක් හේතුවෙන් අළු බඳුන තරගාවලියේ පළමු තරගයෙන් ඉවත්ව ගිය ඕස්ටේ්‍රලියානු වේගපන්දු යවන්නා වන ජොෂ් හේසල්වුඩ් ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාසයේ පැවැත්වීමට නියමිත විස්සයි20 ජාත්‍යන්තර තරඟාවලිය සඳහා නැවතත් පිටියට පිවිසීමට සූදානමින් සිටී.

දෙසැම්බර් මස මුලදී බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී පැවති පළමු අළුබඳුන ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදී ඇලපතේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ හේසල්වුඩ්ට අළු බඳුන තරගාවලියේ ඉතිරි තරග අහිමි විය. ඕස්ට්‍රේලියානුවෝ 4-0 කින් අළු බඳුන තරගාවලිය ජයගත්හ.

අළු බඳුන තරගාවලියෙන් පසුව ඕස්ට්‍රේලියානුවන්ගේ ඊළඟ අන්තර්ජාතික තරගාවලිය වූයේ නවසීලන්ත පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයයි. එහෙත් නවසීලන්ත කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව දෙරටේ ක්‍රිකට් ආයතන පසුගියදා ප්‍රකාශ කළේය. ඒ දැනට ඕස්ට්‍රේලියාවේ පවතින කොරෝනා මර්ධන නීති රීති හේතුවෙන් නවසීලන්ත ක්‍රීඩකයන්ට ආපසු සිය රටට පැමිණිය හැක්කේ කවදාද යන්න පිළිබඳ මතුව තිබෙන අවිනිශ්චිත තත්ත්වයක් හේතුවෙනි.

කෙසේ වෙතත් විස්සයි-20 තරග 5 කින් යුත් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට ගෙන්වාගැනීමට ඕස්ට්‍රේලියාව කල්තබාම සූදානමින් සිටියේය. පෙබරවාරි 11 වැනිදා සිඩ්නිහිදී ආරම්භ වන විස්සයි-20 තරඟ පහකට ශ්‍රී ලංකාව සහභගි වනු ඇත.
 
“මම අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි-20 තරගාවලිය සඳහා නැවත එනවා. මට අවශ්‍ය සුවය ලබාගැනීමට සති කිහිපයක් ගතවුණා. ඒත් දැන් මා හොඳින් යයි මම විශ්වාස කරනවා” යයි 31 හැවිරිදි හේසල්වුඩ් පැවසීය.

“එය කලකිරුණු සති දෙකක කාලයක්. සැකයක් නැතිවම රටේ සෙසු අය සමඟ රූපවාහිනිය නැරඹීම වෙනස් අත්දැකීමක්. ඒත් ටෙස්ට් තරග පහේදීම අපි ආධිපත්‍යය දරන ආකාරය දැකීම පුදුම සහගතයි” යයි අළු බඳුන තරගාවලියේදී තම සහෝදර ක්‍රීඩකයන්ගේ දස්කම් සම්බන්ධයෙන් හේසල්වුඩ් පැවසීය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය වෙනුවෙන් අනගි මෙහෙවරක් කළ හේසල්වුඩ් විස්සයි-20 තරග 24 කදී කඩුලු 32 ක් දවාගෙන තිබේ.

- 213

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට එරෙහිව හේසල්වුඩ් පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.