Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අන්තර් ජාතික ක්‍රිකට් සභාව පළමුවරට සංවිධානය කරන වයස අවුරුදු 19 න් පහළ කාන්තා විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය හෙට (14 වැනිදා) සිට මෙම මස 29 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේදී පැවැත්වේ. කණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය තරග 41 කින් සමන්විත වේ.
‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලියේ සමාරම්භක දිනයේදී ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.15 ට තරග බිමට පිවිසීමට නියමිතය. ඉන් අතුරුව 16 වැනිදා බංග්ලාදේශ එරෙහිවද, 18 වැනිදා ඕස්ටේ්‍රලියාවට එරෙහිවද ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතය. එම තරග දෙක ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ටය.
දක්ෂ පිතිකාරිණියක වන විශ්මි ගුණරත්න විසින් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර එම කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම සඳහා ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම ඉදිරිපත්වී සිටියි.
දැහැමි සනෙත්මා, උමායා රත්නායක, රශ්මි නේත්‍රාංජලී, රශ්මිකා සෙව්වන්දි, දෙව්මි විහන්ගා, මනුදි නානායක්කාර, සුමුදු නිසංසලා, පමෝදා ශයිනි, විදුශිකා පෙරේරා, දුලංගා දිසානායක, රිෂ්මි සංජනා, නෙත්මි සේනාරත්න, හරිනි පෙරේරා සහ විහාරා සෙව්වන්දි ජාතික කණ්ඩායමේ සෙසු සාමාජිකාවෝ වෙති.
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස කටයුතු කරන්නීය. තරගාවලියේ අවසන් මහ තරගය මෙම මස 29 වැනිදා පොචෙෆ්ස්ට්රූම්හි, සෙන්වෙස් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මූලික වටයේදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් ඇතුළත් වූ ඒ, බී, සී සහ ඩී යන කාණ්ඩ හතරේ යටතේ තරග පැවැත්වේ. ඉන් අනතුරුව ‘ඒ’ කාණ්ඩයේ මුල් කණ්ඩායම් 3 සහ ‘ඩී’ කාණ්ඩයේ මුල් කණ්ඩායම් 3 සුපිරි 6 දෙනාගේ වටයේදී පළමු කොටසටත්, ‘බී’ කාණ්ඩයේ මුල් කණ්ඩායම් 3 සහ ‘සී’ කාණ්ඩයේ මුල් කණ්ඩායම් 3 සුපිරි 6 දෙනාගේ වටයේදී දෙවැනි කොටසටත් ඇතුළත් වනු ඇත.
සුපිරි 6 දෙනාගේ වටයේදී ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වෙන අතර පළමු කොටසේ ශූරයා සහ දෙවැනි කොටසේ අනු ශූරයා අතර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයත්, පළමු කොටසේ අනු ශූරයා සහ දෙවැනි කොටසේ ශූරයා අතර එහි දෙවැනි අවසන් පූර්ව තරගයත් පැවැත්වීමට නියමිතය.
එංගලන්තය, පාකිස්ථානය, රුවන්ඩාව සහ සිම්බාබ්වේ යන රටවල් ‘බී’ කාණ්ඩය යටතේද, ඉන්දුනීසියාව, අයර්ලන්තය, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් ‘සී’ කාණ්ඩය යටතේද, ඉන්දියාව, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘ඩී’ කාණ්ඩය යටතේද මූලික වටයේදී තරග බිමට පිවිසීමට නියමිතය.
වමේ සිට දකුණට - (ඉදිරි පෙළ) තාක්ෂණික ප්‍රධානී හේමන්ත ජයවර්ධන මහතා, විදුශිකා පෙරේරා, විහාරා සෙව්වන්දි, දෙව්මි විහන්ගා (උප නායිකා) ඉන්ද්‍රාණි ආරියරත්න මහත්මිය (කළමනාකාරිණී), විශ්මි ගුණරත්න (නායිකා), ශෂිකලා සිරිවර්ධන මහත්මිය (ප්‍රධාන පුහුණුකාරිණිය) ජයතු නිලවීර මහතා (සහාය පුහුණුකරු), නෙත්මි සේනාරත්න, දුලංගා දිසානායක සහ සුමුදු නිසංසලා
වමේ සිට දකුණට - (පසු පෙළ) අශ්වින් බෙයිලින්ග් මහතා (අභ්‍යාසක), වෛද්‍ය රුක්මල් කරුණානායක මහතා, පමෝදා ශයිනි, රිෂ්මි සංජනා, දැහැමි සිනෙත්මා, හරිනි පෙරේරා, මනුදි නානායක්කාර, රිශ්මිකා සෙව්වන්දි, රශ්මි නේත්‍රාංජලී, උමායා රත්නායක, විදුබාලා විජයසිංහම් මහතා (දත්ත විශ්ලේෂක) සහ කපිල ජානක මහතා (භෞත චිකිත්සක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.