එංගලන්තයේදී මේ මස 24 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා පිල සහ ඉන්දීය කාන්තා පිල අතර චෙස්ටර්ෆීල්ඞ්හිදී ඊයේ (21) පැවැති පුහුණු තරගයෙන් ඉන්දීය ක්‍රීඩිකාවෝ ලකුණු 109 ක ජයක් ලැබීමට සමත් වූහ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහභාගි වූ පුහුණු තරග දෙකෙන්ම පරාජයට පත්විය.
ලකුණු 276 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 48.4 කදී ලකුණු 166 කට සීමා විය. ඩිලානි මනෝදර පන්දු 83 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 49 ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූවාය.
ඩිලානි මනෝදර සහ ප්‍රසාදිනී වීරක්කොඩි සිවුවැනි කඩුල්ලට ලකුණු 74 ක සම්බන්ධතාවක් පැවැත්වීමෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 166 ක් දක්වා ඒමට අවස්ථාව ලැබුණි.
ප්‍රසාදිනී වීරක්කොඩි පන්දු 58 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 39 ක් රැස් කළාය.
ශ්‍රී ලංකා පිලේ පසු පෙළ පිතිකාරියන් සියලු දෙනාම අසාර්ථක වීමෙන් ලකුණු 200 ක් ආසන්නයට යෑමට තිබූ අවස්ථාව අහිමිවිය.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල වෙනුවෙන් නායිකා මිතාලි රාජ් පන්දු 89 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 85 ක් රැස්කිරීමට සමත් වූවාය.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය අනිද්දා (24 වැනිදා) නවසීලන්තයට එරෙහිව පැවැත්වේ.
ඉන්දීය කාන්තා පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 275
(පුනාම් රවුට් 69, ස්ම්රිටි මන්ධානා 44, මිතාලි රාජ් 85, මොනා මෙෂ්රාම් 30, විදා ක්‍රිෂ්ණමූර්ති නොදැවී 20, අමා කාංචනා 49/2)
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 166
(හසිනි පෙරේරා 23, චමරි අතපත්තු 30, ඩිලානි මනෝදර 49, ප්‍රසාදිනී වීරක්කොඩි 39, ශීකා පාණ්ඬේ 22/2, රාජේෂ්වරි යක්වාත් 12/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.