Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ‘ඒ’ තරග කාලසටහන වෙනස්වෙයි

ශ්‍රී ලංකා ‘ඒ’ තරග කාලසටහන වෙනස්වෙයි

editorial - 2019 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර කටුනායක සහ ගාල්ලේදී පැවැත්වීමට නියමිතව තිබූ නිල නොවන ටෙස්ට් තරග දෙකම සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත මාරූ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව තරග පැවැත්වීමට නියමිත දිනයන්ද සංශෝධන කර ඇති අතර පළමු නිල නොවන ටෙස්ට් තරගය මේ මස 28 වැනිදා සිට ඔක්තෝබර් 1 වැනිදා දක්වා පැවැත්වේ. දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ඔක්තෝබර් 4 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්වේ.

පළමු නිලනොවන ටෙස්ට් තරගය පසුගිය 23 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතව තිබුණද පළමු සහ දෙවැනි දින දෙකෙහිදී පැවැති වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය. දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මස 30 වැනිදා සිට ඔක්තෝබර් 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

ඔක්තෝබර් 12 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි නිල නොවන එක්දින තරගය පැවැත්වෙන දිනය හෝ ක්‍රීඩාංගණය පිළිබඳව තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.


නව තරග කාලසටහන
■    සැප්. 28 - ඔක්. 01 - පළමු නිල නොවන ටෙස්ට් තරගය - සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■    ඔක්. 04 - 07 - දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය, සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■    ඔක්. 09 - පළමු නිල නොවන එක්දින තරගය, සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■    ඔක්. 10 - දෙවැනි නිල නොවන එක්දින තරගය, සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■    තෙවැනි නිල නොවන එක්දින තරගය - පැවැත්වෙන දිනය හෝ ස්ථානය තීරණය කර නොමැත.

...


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ තරග කාලසටහන වෙනස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.