Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ‘ඒ’ පිල පිටත්ව යයි

ශ්‍රී ලංකා ‘ඒ’ පිල පිටත්ව යයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිවුදින තරග 3 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා ධනංජයද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඊයේ (6 වැනිදා) බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගියේය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන මහතාද, කලමණාකරු ලෙස චරිත් සේනානායක මහතාද කටයුතු කරනු ඇත.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට පිතිකරුවන් සිවුදෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයන් සිවු දෙනෙක්, දඟ පන්දු යවන්නන් තිදෙනෙක් සහ වේග පන්දු යවන්නන් පස් දෙනෙක් ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට ඇතුළත්ව සිටින සධීර සමරවික්‍රම මේ වන විට පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරමින් සිටින අතර එම තරගය නිමා වූ පසු ඔහු කොදෙව් දූපත් බලා පිටත්ව යෑමට නියමිතය.


ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය
ධනංජය ද සිල්වා (නායක), චරිත් අසලංක (උප නායක), රොෂේන් සිල්වා, සදීර සමරවික්‍රම, රොන් චන්ද්‍රගුප්ත, සඳුන් වීරක්කොඩි, දසුන් ශානක, වනිඳු හසරංග, ෂෙහාන් ජයසූරිය, අමිල අපොන්සු, චාමික කරුණාරත්න, මාලින්ද පුෂ්පකුමාර, විමුක්ති පෙරේරා, කසුන් රාජිත, ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු

තරග කාල සටහන
පළමු සිවු දින තරගය - ඔක්තෝබර් 11 වැනිදා සිට 14 වැනිදා දක්වා - ට්‍රිලෝනිහිදී
දෙවැනි සිවු දින තරගය - ඔක්තෝබර් 19 වැනිදා සිට 22 වැනිදා දක්වා - ට්‍රිලෝනිහිදී
තෙවැනි සිවු දින තරගය - ඔක්තෝබර් 26 වැනිදා සිට 29 වැනිදා දක්වා - සබීනා පාර්ක්හිදී
පළමු එක්දින තරගය - නොවැම්බර් 1 වැනිදා - සබීනා පාර්ක්හිදී
දෙවැනි එක්දින තරගය - නොවැම්බර් 3 වැනිදා - සබීනා පාර්ක්හිදී
තෙවැනි එක්දින තරගය - නොවැම්බර් 5 වැනිදා - සබීනා පාර්ක්හිදී හෝ ට්‍රිලෝනිහිදී

 

- 036

 


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල පිටත්ව යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.