Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා යෞවනයෝ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව සටනට
යොවුන් ලෝක කුසලාන

ශ්‍රී ලංකා යෞවනයෝ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව සටනට

editorial - 2022 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජය කරමින් ‘ඩී’ කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම ලෙස යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව, මේ මස 27 වැනිදා ඇෆ්ඝනිස්තානයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. 

ඇෆ්ඝනිස්තානය තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ පාකිස්තානයට පමණක් දෙවැනි වෙමින් ‘සී’ කණ්ඩායමේ දෙවැනි ස්ථානයට පත්වූ කණ්ඩායම ලෙසිනි. ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගය ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30 අරාම්භ වීමට නියමිතය. 

අර්ධ අවසන් පූර්ව වටයේ සෙසු තරගවලදී එංගලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවද, පාකිස්තානයට එරෙහිව ඕස්ට්‍රේලියාව, ඉන්දියාවට එරෙහිව බංග්ලාදේශයද තරග වැදීමට නියමිතය. මෙම තරගවලදී ජය ලබන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. 

එහිදී පරාජයට පත්වන කණ්ඩායම තරගාවලියේ 5 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා ස්ථාන වෙනුවෙන් තරග වදිනු ඇත. තරගාවලියේ අවසන් පූර්ව තරග පෙබරවාරි මස 1 වැනිදා සහ 2 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහ තරගය පෙබරවාරි මස 5 වැනිදා පැවැත්වීමට නියමිතය. 

අර්ධ අවසන් පූර්ව වටයේදී ඇෆ්ඝනිස්තානය පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත් වුවහොත්, අවසන් පූර්ව වටයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ එංගලන්තය හෝ දකුණු අප්‍රිකාවය. අර්ධ අවසන් පූර්ව වටයේදී පාකිස්තාන - ඕස්ටේ්‍රලියා තරගයෙන් ජය ලබන කණ්ඩායම ඉන්දියා - බංග්ලාදේශ තරගයේ ජයග්‍රාහකයන්ට එරෙහිව අවසන් පූර්ව වටයේදී තරග වදිනු ඇත.  

අර්ධ අවසන් පූර්ව වටය 
ජනවාරි 26 - එංගලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාව 
ජනවාරි 27 - ශ්‍රී ලංකාවට එරෙහිව ඇෆ්ඝනිස්තානය 
ජනවාරි 28 - පාකිස්තානයට එරෙහිව ඕස්ට්‍රේලියාව
ජනවාරි 29 - ඉන්දියාවට එරෙහිව බංග්ලාදේශය 

අවසන් පූර්ව වටය 
පෙබරවාරි 1 - එංගලන්තයට හෝ දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව හෝ ඇෆ්ඝනිස්තානය 
පෙබරවාරි 2 - පාකිස්තානයට හෝ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාව හෝ බංග්ලාදේශය 

අවසන් මහ තරගය 
පෙබරවාරි 5 - පළමු අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන්ට එරෙහිව දෙවැනි අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් 


අදහස් (0)

ශ්‍රී ලංකා යෞවනයෝ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.