Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු වයස 19 න් පහළ ක්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (05) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 5 කින් ජය ලැබීමට සමත් වූහ. ශ්‍රී ලංකාව මෙම තරගය ජය ලැබුව ද පාකිස්තානු යොවුන් පිල තරගාවලිය 3-2 කින් ජය ලැබීය.
ලකුණු 265 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 46.5 කදී 46.4 කදී කඩුලු 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ.
මෙම තරගාවලියේදී හඳුනාගැනීමට හැකිවූ තවත් දක්‍ෂ මැදපෙළ පිතිකරුවකු වන අවිෂ්ක තරිඳු පන්දු 40 කින් හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 40 ක් රැස් කළේය. නායක කමිල් මිෂාර පන්දු 118 කදී හතරේ පහර පහක් සමගින් ලකුණු 87 ක් රැස්කිරීමට සමත් වූ අතර කමිල් මෙම තරගාවලියේදී නිරන්තරගයෙන් ලකුණු අතර සිටියේය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලට කෝඩුකාරයකු වන රවිඳු රෂාන්ත වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 67 කින් ලකුණු 85 ක් රැස්කළේය. රෂාන්තගේ ඉනිම හතරේ පහර 13 කින් වර්ණවත් විය. කමිල් මිෂාර සහ රවිඳු රෂාන්ත තෙවැනි කඩුල්ලට ලකුණු 132 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණයට මඟ විවර කළහ.
ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක කමිල් මිෂාර කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානු පිලට ආරාධනා කළේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.