සංචාරක ඉන්දීය වයස 19 න් පහළ පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල අතර කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී ඊයේ (29) ආරම්භ වූ දෙවැනි සිවුදින ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ඉන්දීය යොවුන් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 70 ක් රැස්කර සිටියේය.
කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිලේ පළමු ඉනිම ලකුණු 212 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කොළඹ තර්ස්ටන් විදුහලේ කවිඳු කුලසේකර පන්දු 180 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 84 ක් රැස් කිරීමට සමත් විය.
ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 212
(කුසල් මෙන්ඩිස් 34, කවිඳු කුලසේකර 84, ප‍්‍රියමාල් පෙරේරා 36, කුල්දීප් යාදේව් 38/6, අටුල් සිං 45/2)
ඉන්දීය වයස 19 න් පහළ පිල පළමු ඉනිම කඩුලූ 2 ට 70
(ශුභාම් කජුරියා 36, විජේයි ෂූල් නොදැවී 12)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.