Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
එංගලන්ත සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතාට කොරෝනා වයිරසය වැළඳී ඇති බවට අද (8 වැනිදා) තහවුරු වී තිබේ. ඒ අනුව ඔහු දින 14 ක කාලයක් හුදෙකලා කර ඇත.
දිවයිනට පැමිණීමෙන් පසු මුහුණදුන් පළමු පී.සී.ආර්. පරීක්‍ෂණයේ ප්‍රතිඵලවලට අනුව ග්‍රාන්ට් ෆ්ලවර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව වාර්තා විය. ඒ අනුව ඔහු කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සමග නිරෝධායනය වෙමින් සිටියේය.
එහෙත් ඊයේ (7 වැනිදා) දිනයේදී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කරන ලද දෙවැනි පී.සී.ආර්. පරීක්‍ෂණයේ ප්‍රතිඵලවලට අනුව ෆ්ලවර් මහතා කොරෝනා ආසාදිතය යැයි හඳුනාගෙන ඇත.
මෙම සිදුවීමත් සමගින් එංගලන්ත සංචාරයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම සාමාජිකයන් අද දෙවැනි වරටත් පී.සී.ආර්. පරීක්‍ෂණයකට යොමු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරියෙක් පැවසීය.
ක්‍රීඩකයන් සඳහා කොරොනා වයිරයට එරෙහි ප්‍රති එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ ලබාදී ඇති නමුත් ග්‍රාන්ට් ෆ්ලවර් මහතා මේ වන තෙක් ප්‍රති එන්නතේ කිසිදු මාත්‍රාවත් ලබාගෙන නැතැයිද වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.