Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා නායකත්වය දසුන් ශානකට

ශ්‍රී ලංකා නායකත්වය දසුන් ශානකට

editorial - 2021 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායකත්වය සඳහා දසුන් ශානක තෝරා ගැනීමට අද (7 වැනිදා) රැස්වූ ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළේය. ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ හිටපු නායකයා වූ දසුන් ශානක 2019 දී පාකිස්තානයේදී පැවැති විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙමින් 3-0 ක තරගාවලි ජයක් වාර්තා කළේය. 

ශ්‍රී ලංකාව ජයගත් අවසන් විස්සයි-20 තරගාවලිය වන්නේද 2019 දී පාකිස්තානයේදී පැවැති එම තරගාවලියයි. 

එම තරගාවලියෙන් පසුව විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට පැවරුණු අතර දසුන් ශානක නැවත වරක් විස්සයි-20 කණ්ඩායමේ නායකත්වයට පත්කරන ලද්දේ පසුගිය මාර්තුවේදී පැවැති බටහිර ඉන්දීය සංචාරයේදීය. එහෙත් වීසා ප්‍රශ්නයක් හේතුවෙන් විස්සයි-20 තරගාවලිය සඳහා කල්තබා එම සංචාරයට එක්වීමට දසුන් ශානකට නොහැකි විය. 

බංග්ලාදේශ සහ එංගලන්ත සංචාර වලදී ශ්‍රී ලංකා සීමිත ඕවර (එක්දින සහ විස්සයි-20) කණ්ඩායම් වල නායකත්වය දැරූ කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 4 ක් සහ විස්සයි-20 තරග 3 ක් පරාජය විය. කෙසේ වෙතත් කුසල් ජනිත් පෙරේරාට නායකත්වය අහිමි වී ඇත්තේ අසාර්ථක වීමේ හේතුව නිසාම නොවේ. 

“එයා නායකයා විතරක් නෙමේ. ඊට අමතරව ආරම්භක පිතිකරුවා සහ කඩුලු රකින්නාගේ වගකීම් දෙකත් බලන්න වෙනවා... අනෙක එයාගේ උරහිසේ ආබාධයක් තියෙනවා. එයා අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළේත් උරහිසේ ආබාධය තියාගෙනමයි”

“ඒ නිසා තේරීම් කමිටුව එයාට කියලා තියෙනවා පිතිහරඹය ගැන වැඩියෙන් උනන්දු වෙන්න කියලා. ඒ කොහොම වුණත්, නායකත්වයට දසුන් ගේන්නේ තාවකාලිකවයි. ඒ ගැන තීරණයක් ඉදිරියේදී ගන්නවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර තොරතුරු දත් අයෙක් අද රාත්‍රියේ පැවසීය. 

 


අදහස් (0)

ශ්‍රී ලංකා නායකත්වය දසුන් ශානකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.