Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායම නැවතී සිටින බංග්ලාදේශයේ ශෙනගන් හෝටලයේ පිහිනුම් තටාකය දෙසට විවිධ අය පිවිසෙන බැවින් ශ්‍රී ලංකා ජෛව බුබුලේ ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන සැලසීම සඳහා ශ්‍රී ලංකා කලමනාකරු මනුජ කාරියප්පෙරුම මහතාගේ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයාත් අද (24) පස්වරුවේදී මුණගැසෙති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ ධනාත්මක වූයේ යැයි පෙරේදා (22) කියැවුණු නිසා එක්දින තරගාවලිය අවිනිශ්චිත තත්වයකට පැමිණියේය. එහෙත් එම පරීක්ෂණ 02ක තොරතුරු සාවද්‍ය බවත්, තවත් පරීක්ෂණයක් සාමාන්‍ය බවත් දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණ වලින් තහවුරු වීම නිසා ඊයේ (23) එක්දින තරගය පැවැත්විණ.
මෙම තත්වය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරග 02 නිරුපද්‍රිතව ඉදිරියට ගෙන යාම සඳහා ආරක්ෂක විධිවිධාන දැඩි කරමින් පවතියි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියෙක් පැවසුවේ තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බවත්, ක්‍රීඩකයන්ගේ මෙන්ම ශ්‍රී ලංකා ජෛව බුබුලේ ආරක්ෂාව වැඩිකිරීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගනිමින් තිබෙන බවත්ය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (23) පැවැති පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 33ක ජයක් හිමිවිය.
තරග 03කින් සමන්විත මෙම තරගාවලිය එක්දින ලෝක කුසලාන සුපිරි ලීග් තරගාවලියට අයත් වන්නකි.
දෙවැනි එක්දින තරගය හෙට (25) පැවැත්වීමට නියමිතය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.