එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉකුත්දා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගියේය.
ඉනෝකා රණවීර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන අතර ශ්‍රීපාලි වීරක්කොඩි උප නායිකාව ලෙස කටයුතු කරන්නීය.
හේමන්ත දේවප්‍රිය මහතා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙසත්, ඉන්ද්‍රානි ආරියරත්න මහත්මිය කළමනාකාරිණිය ලෙසත් මෙම තරගාවලියට සහභාගි වෙති.
ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය
ඉනෝකා රණවීර (නායිකා), ශ්‍රීපාලි වීරක්කොඩි (උප නායිකා), රෙබේකා වැන්ඩොට්, ප්‍රසාදිනී වීරක්කොඩි, චමරි අතපත්තු, ඩිලානි මනෝදරා, නිපුනි හංසිකා, හසිනි පෙරේරා, යශෝධා මෙන්ඩිස්, චන්දිමා ගුණරත්න, හංසිමා කරුණාරත්න, ශෂිකලා සිරිවර්ධන, අමා කාංචනා, අචිනි කෞෂල්‍යා සහ උදේෂිකා ප්‍රබෝධිනී
තරග කාල සටහන
පුහුණු තරගය - ඔක්තෝබර් 8 වැනිදා - ට්‍රිනිඩෑඞ්හිදී
පළමු එක්දින තරගය - ඔක්තෝබර් 11 වැනිදා - ට්‍රිනිඩෑඞ්හිදී
දෙවැනි එක්දින තරගය - ඔක්තෝබර් 13 වැනිදා - ට්‍රිනිඩෑඞ්හිදී
තෙවැනි එක්දින තරගය - ඔක්තෝබර් 15 වැනිදා - ට්‍රිනිඩෑඞ්හිදී
පළමු විස්සයි20 තරගය - ඔක්තෝබර් 19 වැනිදා - ඇන්ටිගුවාහිදී
දෙවැනි විස්සයි20 තරගය - ඔක්තෝබර් 21 වැනිදා - ඇන්ටිගුවාහිදී
තෙවැනි විස්සයි20 තරගය - ඔක්තෝබර් 22 වැනිදා - ඇන්ටිගුවාහිදී
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.