Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තෙවැනි ජයත් ලබති
ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තෙවැනි ජයත් ලබති

editorial - 2022 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ විස්සයි-20 කාන්තා ක්‍රිකට් ඉසව්වට සහභාගි වන අවසන් කණ්ඩායම තෝරා ගැනීම සඳහා මැලේසියාවේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අද (22 වැනිදා) පැවැති තරගයකදී මැලේසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 93 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය මැලේසියානු කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 82 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. සුගන්දිකා කුමාරි සහ ඕෂධී රණසිංහ කඩුලු 2 බැගින් දවාගනිමින් මැලේසියානු කාන්තා ඉනිම සුනුවිසුණ කර දැමීමට පෙරමුණ ගත්හ. පිතිකාරිණියන් තිදෙනෙක්ම දුවද්දී දැවී යෑමද එහිදී කැපී පෙනෙන සිදුවීමක් විය.

මැලේසියානු කාන්තා කණ්ඩායමේ නායිකාව මෙන්ම ආරම්භක පිතිකාරිණය ලෙසද කටයුතු කළ විනි‍ෆ්‍රෙඩ් දුරයිසිංගම් පන්දු 54 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 42 ක් ලබා ඉනිම නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටියාය. එහිදී ඇය හැරුණුකොට සෙසු පිතිකාරිණයන්‍ගෙන් කිසිවකු ලකුණු 10 සීමාව පසුකර යෑමට අපොහොසත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 175 ක් ලබාගත් අතර සිය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් නායිකා චමරි අතපත්තු පන්දු 17 කදී හතරේ පහර 7 ක් සමග ‍ලකුණු 30 ක් රැස්ක‍ළාය. කෙසේ වුවත් චමරිද ඇතුළු පිතිකාරිණියන් තිදෙනෙක් ලකුණු 88 ක් තුළ දවාගැනීමට මැලේසියානු පන්දු යවන්නියෝ සමත් වූහ.

ඉන් අනතුරුව පිටියේ එක්වූ හර්ෂිතා මාධවී (නොදැවී 65) සහ නිලක්ෂි ද සිල්වා (නොදැවි 49) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 87 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කාන්තා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 42 කදී වාර්තා වූ මාධවීගේ අර්ධ ශතකය හතරේ පහර 10 කින් සමන්විත වූ අතර පන්දු 31 කදී වාර්තා වූ නිලක්ෂි‍ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 3 කට 175

(චමරි අතපත්තු 30, හර්ෂිතා මාධවී නොදැවී 65, නිලක්ෂි ද සිල්වා නොදැවී 49)

මැලේසියානු කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 82

(විනි‍ෆ්‍රෙඩ් දුරයිසිංගම් නොදැවී 42, සුගන්දිකා කුමාරි 12/2, ඕෂදී රණසිංහ 14/2)  

-036


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තෙවැනි ජයත් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.