Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 7 ක ජයක්
යොවුන් කාන්තා ලෝක කුසලාන

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 7 ක ජයක්

editorial - 2023 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන යොවුන් කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඇමරිකානු එක්සත් ජනපද කණ්ඩායම හමුවේ කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගත්හ. තරගය දකුණු අප්‍රිකාවේ බෙනෝනි නුවරදී සෙනසුරාදා (14 වැනිදා) පැවැත්විණ.

කාසියේ වාසිය දිනාගත් ඇමරිකානු කණ්ඩායමට නියමිත ඕවර 20 නිමාවේදී රැස්කරගත හැකිවූයේ කඩුලු 9 ත් දැවී ලකුණු 96 ක් පමණි. පහසු ඉලක්කයක් වූවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 46 කට බිඳ වැටිණ. එහෙත් නායිකා විශ්මි ගුණරත්න (නොදැවී 34) සහ මනුදි නානායක්කාර (නොදැවී 32) එක්ව ගොඩනැංවූ ලකුණු 54 ක් අඛණ්ඩ සම්බන්ධතාව නිසා තරගයේ ඕවරයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය අත්පත් කරගත්හ.

පන්දු 40 කට මුහුණ දුන් විශ්මි ගුණරත්නගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත විය. පන්දු 31 කින් නොදැවී ලකුණු 32 ක් ලබාගත් මනුදිගේ ඉනිම හතරේ පහරකින් සහ හයේ පහරකින් සමන්විත විය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දෙවැනි තරගය, බංග්ලාදේශ යොවුන් කාන්තා පිලට එරෙහිව, හෙට (16 වැනිදා)  ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වෙයි.


ඇමරිකා එක්සත් ජනපදය - ඕවර 20 කදී කඩුලු 9 ට 96 යි
(දිල්ෂා දින්ග්‍රාරා 18, රිතූ ප්‍රියා සිං 22, ගීතිකා කෝඩාලි 11,දෙව්මි විජේරත්න 11/3, විදූෂිකා පෙරේරා 15/2)

ශ්‍රී ලංකාව - ඕවර 19 කදී කඩුලු 3 ට 100 යි
(සුමුදු නිසංසලා 14, දෙව්මි විජේරත්න 10, විශ්මි ගුණරත්න නොදැවී 34, මනුදි නානායක්කාර නොදැවී 32, භූමිකා භදි්‍රරාජ් 17/2)

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.