Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල හෙට

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල හෙට

editorial - 2019 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගෙවී ගිය වසරේදී දෙස් විදෙස් ක්‍රිකට් පිටිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය හෙට (3 වැනිදා) පස්වරු 7.00 සිට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම ක්‍රිකට් සම්මාන ප්‍රදානයේදී සම්මාන 45 ක් පිරිනැමීමට නියමිතව තිබේ. එහිදී ජාත්‍යන්තර සහ දේශීය තරග පිටිය නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 33 දෙනෙකු සම්මාන ලබද්දී ජාත්‍යන්තර තරග අංශය යටතේ සම්මාන 17 දෙනෙක් (පිරිමි/කාන්තා) සම්මාන ලබා ගැනීමට නියමිතය. ඊට අමතරව විශේෂිත සම්මාන ත්‍රිත්වයක්ද ඇතුළුව කණ්ඩායම් සම්මාන 10 ක්ද හෙට දිනයේදී පිරිනැමෙනු ඇත.

මෙම සම්මාන ප්‍රදානයේදීද පෙර වසරවල පරිදිම වසරේ දක්ෂතම ජාත්‍යන්තර සහ දේශීය විනිසුරුවරයාට මෙන්ම වසරේ තරග තීරකවරයාටද සම්මාන පිරිනැමීමට නියමිතය. මීට අමතරව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් ජීවිතයට එක් වරක් පමණක් පිදෙන ඇගැයීම් සම්මාන ද්විත්වයක්ද පිරිනැමීමට මෙවර සම්මාන ප්‍රදානයේදී කටයුතු යොදා තිබේ.


-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.