Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට IFS එක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට IFS එක්වෙයි

editorial - 2021 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමත් සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නිල කමිසයේ පිටුපස කොටසේ අනුග්‍රාහකයා ලෙස ගෝලීය ව්‍යවසාය මෘදුකාංග සමාගමක් වන IFS සමාගම එක්ව සිටියි.

භාණ්ඩ නිෂ්පාදනය සහ බෙදාහැරීම, වත්කම් ගොඩනැගීම සහ නඩත්තු කිරීම මෙන්ම සේවා කේන්ද්‍රීය මෙහෙයුම් කලමනාකරණය කරන ලොව පුරා නම් දැරූ සමාගම් සඳහා අවශ්‍ය වන ව්‍යවසාය මෘදුකාංග ෂත්‍ී  සමාගම විසින් සංවර්ධනය කරනු ලැබේ.

ෂත්‍ී සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සංවර්ධන සමාගමක් IFS ගෝලීය මෙහෙයුම්වලදී ශ්‍රී ලංකාව විශේෂ ස්ථානයක් දරයි. ව්‍යවසාය සම්පත් සැලසුම් මෘදුකාංග විසඳුම් සපයන්නෙකු ලෙසින් කටයුතු කරනු ලබන IFS සමාගම, පර්යේෂණ කොට සංවර්ධනය කිරීම, විකුණුම්, ක්‍රියාත්මක කිරීම, උපදේශන සේවා සහ නිෂ්පාදන සහාය ලබාදෙන අතර ශ්‍රී ලංකාවේ 1500කට අධික කාර්ය මණ්ඩලයක් සේවය කරන ආයතනයකි.

දෙපාර්ශවය අතර අත්සන් තැබුණු මෙම ගිවිසුම මෙම ගිවිසුම යටතේ 2021 වසරේ ජුනි 08 වැනිදා සිට 27 වැනිදා දක්වා වූ කාලසීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කරනු ලබන විස්සයි 20 ජාත්‍යන්තර තරග 3දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හවුල්කරුවකු ලෙස IFS සමාගම කටයුතු කරනු ඇත.

එම විස්සයි 20 තරග ජුනි 23 සහ 24 යන දෙදින කාඩිෆ්හිදී ද, 26 වැනි දින තරගය සදම්ටන්හිදීද පැවැත්වෙනු ඇත.

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරග 3, එම තරග සංචාරයේ එක් කොටසක් වන අතර ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව එක්දින තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිතය.

මෙම අනුග්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා, IFS වැනි තාක්ෂණයෙන් මුසු සේවාවන් ලබාදෙන ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවත් සමග අත්වැල බැඳගැනීම ගැන සතුටට පක්වන බවත් වේගය මත ජයග්‍රාහකයා තීරණය වන විස්සයි 20 වැනි තරගාවලියකදී අප සමග අත්වැල් බැඳගැනීමේදී එම ආයතනයට ඔවුන්ගේ ඉලක්කගත පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය ඇතිකර ගැනීමට හැකිවනු ඇති බවත්  පැවසීය.

IFS සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් සමග අත්වැල් බැඳගනු ලබන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසර අගදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට තරග වැදීමට සූදානම්ව සිටින අවස්ථාවකය.  

“විධායක උප සභාපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සමග පාර්ශවකරුවකු ලෙසින් අත්වැල් බැඳගැනීමට හැකියාව ලැබීම ගැන අප ආයතනය සතුටු වනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ අනුග්‍රාහකයකු බවට පත්වීමට ලැබීම ගැන අපි ආඩම්බරයට පත්වෙනවා. එංගලන්ත සංචාරය ඉතාමත් සාර්ථක තරගාවලියක් වේවා කියලා අපි ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ ප්‍රාර්ථනා කරනවා.” යැයි IFS සමාගමේ මෙහෙයුම් විධායක / උප සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රනිල් රාජපක්ෂ මහතා පැවසීය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට IFS එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.