Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් ‘කෝප් කමිටුව’ හමුවේ හෙට (03) පෙනී සිටීමට නියමිතය.
රාජ්‍ය ආයතන නවයක් විමර්ශනයට කැඳවීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට හෙට පස්වරු 3.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කෝප් කමිටුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2016 වසරේ මූල්‍ය වාර්තාවල ඇතැම් ගණුදෙනු පිළිබඳව විමසීමට මෙම කැඳවීම කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඇතුළු විධායක කමිටු සාමාජිකයන් කීපදෙනකු කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට සූදානමින් සිටිති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත සහ භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ උප සභාපති රවීන් වික්‍රමරත්න යන මහත්වරු මේ වන විට විදේශගතව සිටිති.
කෝප් කමිටුවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.