
(දමින්ද විජේසූරිය)
එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ අංක 1 හිමි ඉන්දීය කණ්ඩායම පරාජය කිරීම හේතුවෙන් ශ්‍රේණිගත ලයිස්තුවේ පියවරක් ඉහළට නැඟීමට ශ්‍රී ලංකා පිලට හැකිවී තිබේ. ඒ අනුව මේ වන විට ශ්‍රේණිගත ලයිස්තුවේ 6 වැනි ස්ථානය ශ්‍රී ලංකා පිලට හිමිවී ඇත.
පසුගිය වසරේදී පැවැති ලෝක කුසලාන තරගාවලියට පෙර සිටම, ප්‍රසාද ලකුණු 92 ක් පමණක් අතැතිව හත්වැනි ස්ථානයේ ලතැවෙමින් සිටි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම, ඉන්දීය පිලට එරෙහිව තරගාවලිය ආරම්භ වන විට ප්‍රසාද ලකුණු 93 ක් ලබා සිටි නමුත් ස්ථානයේ වෙනසක් නොතිබිණ. එහෙත් පසුගියදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 2-0 ක් ලෙසින් ඉන්දීය කණ්ඩායම පරාජය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින පිලට ප්‍රසාද ලකුණු 04 ක් හිමිවිය.
ඒ අතරවාරයේදී ශ්‍රී ලංකාවට ඉහළින් සිටි එංගලන්ත කණ්ඩායම (ප්‍රසාද ලකුණු 95) හත්වැනි ස්ථානය දක්වා ඇද වැටී තිබේ.
අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම 8 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම 7 වැනි ස්ථානයේත් සිටිති.
නවතම අන්තර්ජාතික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්
යාවත්කාලීන කිරීම 2024 අගෝස්තු 07

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.