Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෝනර් - මාෂ් විවේක ගන්වති
ඕස්ට්‍රේලියානු සංචාරය

වෝනර් - මාෂ් විවේක ගන්වති

editorial - 2022 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මස ආරම්භවීමට නියමිත තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය අද (25 වැනිදා) නම්කළ අතර එහිදී ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සහ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් විවේක ගැන්වීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

මාර්තු මාස ආරම්භ වීමට නියමිත පකිස්ථානු සංචාරයට සුදානම් වීම සඳහා විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණයට සුවිශේෂී දායකත්වයක් දැක්වූ ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාෂ් දෙදෙනා විවේක ගන්වා ඇත. ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් මහතාද පාකිස්තාන සංචාරයට පෙර නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ඔහුද ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි20 තරගාවලියට එක් නොවනු ඇත.

බිග් බෑෂ් තරගාවලියේ සුවිශේෂි දස්කම් දක්වන බෙන් මැක්ඩමට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණය මගහැරී ගිය වේග පන්දු යවන ක්‍රීඩක ජේ රිචඩ්සන්, ට්‍රැවිස් හෙඩ් සහ මොයිසස් හෙන්රිකස් ද 16 දෙනෙකුගෙන් යුත් ඕස්ට්‍රේලියානු සංචිතයට කැඳවා ඇත.

සහය පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් මහතා ශ්‍රී ලංකවට එරෙහි විස්සයි20 තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර තරගාවලිය පෙබරවාරි 11 සිට 20 දක්වා සිඩ්නි, කැන්බරා සහ මෙල්බර්න් යන නගරවල පැවැත්වේ.

පාදඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්විප්මන් මෙන්ම ලෝක කුසලාන සංචිතයේ සිටි ඩැනියෙල් සෑම්ස්, නේතන් එලිස් (ආබාධයකින් පසුවෙයි) සහ ඩෑන් ක්‍රිස්ටියන් යන ක්‍රීඩකයින් සියල්ලන්ම 16 දෙනාගේ සංචිතයෙන් ඉවත් කර ඇත.

ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය මාසයේ පැවැති අළු බඳුන ටෙස්ට් තරගයෙන් ඉවත්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ගේ නැවතත් සංචිතයට එක්ව ඇත.


ඕස්ට්‍රේලියානු සංචිතය
ඒරන් ෆින්ච් (නායක), ඇෂ්ටන් ආගර්, පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, මොයිසස් හෙන්රික්ස්, ජොෂ් ඉන්ග්ලිෂ්, බෙන් මැක්ඩර්මට්, ග්ලෙන් මැක්ස්වෙල්, ජේ රිචඩ්සන්, කේන් රිචඩ්සන්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, ඇඩස් සම්පා.

- 2079

 


අදහස් (0)

වෝනර් - මාෂ් විවේක ගන්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.