Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීණතම දඟ පන්දු යවන්නකු මෙන්ම පුහුණුකරුවකු ද වන ප්‍රියන්ත වේරගොඩ මහතා විසින් දඟ පන්දු යවන්නන්ට භාවිතා කළ හැකි උපාය පන්දුවක් හඳුන්වා දී තිබේ. වමතින් පන්දු යවන්නන්ට හෝ පිට දඟ පන්දු යවන්නන්ට නැතහොත් පා දඟ පන්දු යවන්නන්ට මෙම පන්දුව භාවිතා කරමින් කඩුලු දවාගැනීමේ අවස්ථාව ඇතැයි වේරගොඩ මහතා කියයි.
පන්දුවේ මැස්ම හරහා පන්දුව අල්ලා ගනිමින් දිව එන පන්දු යවන්නා පන්දුව යැවීමට පෙර පන්දුවේ ග්‍රහණය වෙනස් කරමින් පිතිකරුවා මුළා කරයි. අනතුරුව එය පිතිකරුවාගේ මැද ඉන්න හා පා ඉන්න අතර නියමිත දුරක පතිත කිරීමෙන් පිතිකරුවාගේ පිත්තට යටින් කඩුල්ල වෙත රිංගා යැවිය හැකි බවද වේරගොඩ මහතා කියයි.
මෙම පන්දුව යැවීම සඳහා සාමාන්‍ය දඟ පන්දු යවන්නකුට වඩා තරමක් වේගයෙන් දිව ආ යුතු වන අතර පන්දුව යැවීමේදී අත තරමක් වේගයෙන් කරකැවිය යුතුද වෙයි.
මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ප්‍රියන්ත වේරගොඩ වත්තල අන්තෝනියන්ස් පිල සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කර තිබේ. 1994 දී මීගමුව ක්‍රිකට් සමාජයට එරෙහිව පැවැති තරගයකදී ඕවර 12 ක් යවමින්, එම ඕවර 12 ම නිලකුණු ඕවර ලෙසින් යැවූ වේරගොඩ ලකුණක් හෝ ලබා නොදී කඩුලු 5 ක් දවාගැනීම සරා කුසලාන තරගාවලියේ අදටත් පවතින වාර්තාවකි. සරා කුසලාන තරගාවලියේදී ප්‍රියන්ත වේරගොඩ විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 765 කි. පළමු පෙළ තරග 26 කදී කඩුලු 103 ක් ලබාගෙන ඇති වේරගොඩ වසර 20 කට වැඩි කාලයක් ක්‍රිකට් පුහුණුකරුවකු ලෙසින් කටයුතු කරයි.
..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.