Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වැනි කොටසේ තරගයකදී මීගමුව ලෝයලා විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් ලබාගැනීමට වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය අද (24 වැනිදා) සමත්විය. මෙම තරගය වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයේ නිපුන් සංතුෂ් (117) ශතකයක් සහ සජිත් මදුශංක (68) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර චතුෂ්ක කළුනායක ලකුණු 14 කට කඩුලු 5 ක්ද මලීෂ කළන්සූරිය සහ චමත් කල්හාර කඩුලු 4 බැගින් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ලෝයලා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 68.5 කදී සියලුදෙනා දැවී ලකුණු 211
(ශෆාන් අහ්මඞ් 92, සුනෙත් පියුමන්ත 38, ලක්ෂිත ඩිල්ශාන් 20, මලීෂ කළන්සූරිය 69/4, නිපුන් සංදුෂ් 14/2)
බණ්ඩාරනායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 73 කදී සියලුදෙනා දැවී ලකුණු 260
(නිපුන් සංතුෂ් 117, සජිත් මදුශංක 68, අමිල දේවින්ද 41/3, දිනිඳු මදුශාන් 55/3, තුෂාන් තරුෂික 36/2)
ලෝයලා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 34 කදී සියලුදෙනා දැවී ලකුණු 91
(සුධීර ද සොයිසා 36, චතුෂ්ක කළුනායක 14/5, චමත් කල්හාර 22/4)
බණ්ඩාරනායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 7 කදී කඩුල්ලක් දැවී ලකුණු 43
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.