Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වේගවත්ම වි-20 ශතකය ලොෆ්ටීටන්ගෙන්

වේගවත්ම වි-20 ශතකය ලොෆ්ටීටන්ගෙන්

editorial - 2024 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නැමීබියාව සහ නේපාලය අතර අද (27 වැනිදා) පැවැති අන්තර්ජාතික තරගයකදී පන්දු 33 කින් ශතකයක් ලබාගත් නැමීබියාවේ නිකොල් ලොෆ්ටී-ඊටන් විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී වේගවත්ම ශතකය ලබාගැනීමේ ලෝක වාර්තාව තමන් සතුකර ගත්තේය. නේපාලය, නැමීබියාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලයේ පළමු තරගය වූ මෙම තරගය නේපාලයේ කීර්තිපූර් නුවරදී පැවැත්විණ. 

තරගයේදී නැමීබියාවට ලකුණු 20 ක ජයක් හිමිවිය. 

හතරේ පහර 11 කින් සහ හයේ පහර 8 කින් සමන්විත වූ ලොෆ්ටී-ඊටන්ගේ ඉනිම ශතකයෙන් පසුව පන්ද 3 කින් නිමාවට පත්විය. විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් තරග අතරේ ලොව වේගවත්ම ශතකය ලෙසින් කලින් වාර්තාවූයේ නේපාලයේම කුෂාල් මල්ලා විසින් මොන්ගෝලයාවට එරෙහිව පන්දු 34 කින් ලබා තිබූ ශතකයයි. 
නියමිත ඕවර 20 නිමාවේදී නැමීබියාව කඩුලු 4 කට ලකුණු 206 ක් ලබාගත් අතර නේපාලයට ලබාගත හැකිවූයේ ලකුණු 186 කි. 

මෙම තරගාවලියට ක්‍රීඩා කරන නේපාලය, නැමීබියාව මෙන්ම නෙදර්ලන්තය ද මේ වසරේ ජූනි මාසයේදී ඇමරිකාව සහ බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටිති. 


- ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි
- ඡායාරූපය : නේපාල ක්‍රිකට් සංගමය අනුග්‍රහයෙනි

- 213


අදහස් (0)

වේගවත්ම වි-20 ශතකය ලොෆ්ටීටන්ගෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.