Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන 32 වැනි ‘සිංගර් කුසලාන’ වෙළෙඳ සේවා ප්‍රිමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හේලීස් සමූහ ‘ඒ’ කණ්ඩායම සහ මැලිබන් බිස්කට් ‘ඒ’ කණ්ඩායම අතර හෙට (30 වැනිදා) පෙරවරු 9.30 සිට කොළඹ ක්‍රිකට් සමාජ (සී.සී.සී.) ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අවසන් මහ තරගයේදී රමේෂ් මෙන්ඩිස් විසින් හේලීස් සමූහ ‘ඒ’ කණ්ඩායමද, මිලින්ද සිරිවර්ධන විසින් මැලිබන් බිස්කට් ‘ඒ’ කණ්ඩායමද මෙහෙයවනු ලබති. ඔවුන් දෙදෙනාට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ මිනෝද් භානුක, ප්‍රභාත් ජයසූරිය, සදීර සමරවික්‍රම, ළහිරු සමරකෝන් සහ නුවනිඳු ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් හේලීස් සමූහ ‘ඒ’ කණ්ඩායමට ක්‍රීඩා කරන අතර සහන් ආරච්චිගේ, මිලාන් රත්නායක, ධනංජය ලක්ෂාන්, දුෂාන් හේමන්ත සහ නුවන් තුෂාර යන ක්‍රීඩකයෝ මැලිබන් බිස්කට් ‘ඒ’ කණ්ඩායමට ක්‍රීඩා කරති.
පළමු අවසන් පූර්ව තරගයේදී ෆෙයාර් ෆස්ට් ඉන්ෂුවරන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබමින් මැලිබන් බිස්කට් ‘ඒ’ කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. හේලීස් සමූහ ‘ඒ’ කණ්ඩායම අවසන් තරගයට පිවිසියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 63 කින් සී.ඩී.බී. ‘ඒ’ කණ්ඩායම පරාජයට පත්කරමිනි.
සැප්තැම්බර් මාසය පුරා පැවැති මෙම වෙළෙඳ සේවා ප්‍රිමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සී.ඩී.බී. ‘ඒ’, මැලිබන් බිස්කට් ‘ඒ’, හේලීස් සමූහ ‘ඒ’, බී.බී.කේ. පාට්නර්ෂිප්, ෆෙයාර් ෆස්ට් ඉන්ෂුවරන්ස් සහ එච්.එන්.බී. යන කණ්ඩායම් 6 සහභාගි විය. මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම්වලට එරෙහිව ලීග් ක්‍රමයට අනුව තරග වැදිණ.
මූලික වටය අවසානයේ ලකුණු සටහනේ මුල් ස්ථාන දෙක හිමිකරගත් සී.ඩී.බී. ‘ඒ’ සහ මැලිබන් බිස්කට් ‘ඒ’ කණ්ඩායම් ඍජුවම අවසන් පූර්ව වටයේ ස්ථාන හිමිකරගත් අතර සෙසු කණ්ඩායම් 4 ට අවසන් පූර්ව වටයට පිවීසම සඳහා සුදුසුකම් ලැබීමේ තරග දෙකකට ක්‍රීඩා කිරීමට සිදුවිය.
එම තරගවලදී බී.බී.කේ. පාට්නර්ෂිප් කණ්ඩායම ලකුණු 146 කින් පරාජය කළ ෆෙයාර් ෆස්ට් ඉන්ෂුවරන්ස් කණ්ඩායමත්, එච්.එන්.බී. කණඩායම ලකුණු 89 කින් පරාජය කරමින් හේලීස් සමූහ ‘ඒ’ කණ්ඩායමත් අවසන් පූර්ව වටයේදී පිළිවෙළින් මැලිබන් බිස්කට් ‘ඒ’ කණ්ඩායමටත්, සී.ඩී.බී. ‘ඒ’ කණ්ඩායමටත් එරෙහිව තරග වැදීම සඳහා අවස්ථාව උදාකර ගත්හ.
හේලීස් සමූහ ‘ඒ’ කණ්ඩායම
රමේෂ් මෙන්ඩිස් (නායක), අහන් වික්‍රමසිංහ, ඉනුක කරන්නාගොඩ, මිනෝද් භානුක, රොන් චන්ද්‍රගුප්ත, ප්‍රභාත් ජයසූරිය, රවිඳු ප්‍රනාන්දු, කවිෂ්ක අංජුල, සදීර සමරවික්‍රම, කළණ පෙරේරා, නිසල අබේරත්න, නිෂාන් මධුෂ්ක, සහන් කෝසල, ළහිරු සමරකෝන්, ළහිරු දෙවැටගේ, ටේරවීන් මැතිව්, ලක්වින් අබේසිංහ, ලසිත් ඇඹුල්දෙණිය, මධුරංග සොයිසා, මනෝජ් සරත්චන්ද්‍ර, නිසල තාරක, නුවනිඳු ප්‍රනාන්දු, සහන් නානායක්කාර සහ යුතික සිල්වා
මැලිබන් බිස්කට් ‘ඒ’ කණ්ඩායම
මිලින්ද සිරිවර්ධන (නායක), හිරාන් ජයසුන්දර, රනේෂ් සිල්වා, සහන් ආරච්චිගේ, සංගීත් කුරේ, වනුජ සහන්, මිලාන් රත්නායක, සනෝජ් දර්ෂික, ධනංජය ලක්ෂාන්, දුෂාන් හේමන්ත, සඳුන් මෙන්ඩිස්, චතුර පීරිස්, දුෂාන් විමුක්ති, රවිඳු රෂාන්ත, විෂේන් හැළඹගේ, අමිල ප්‍රසාද්, අංජුල පෙරේරා, අවිෂ්ක තරිඳු, චානුක දිල්ෂාන්, චතුරංග දේවප්‍රිය, ඩිලාන් චතුරංග, ගිහාන් රණසිංහ, ළහිරු දුෂාන්ත, නවීන් ප්‍රනාන්දු, නිෂාන් පෙරේරා, නුවන් තුෂාර, රන්දුණු ගංගානාත් සහ තරිඳු සිරිවර්ධන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.