Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෙස්ලි - ශාන්ත බෙනඩික් ගැටුම හෙට - අනිද්දා

වෙස්ලි - ශාන්ත බෙනඩික් ගැටුම හෙට - අනිද්දා

editorial - 2023 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ වෙස්ලි විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර තෙවැනි වරට පැවැත්වෙන ‘කාට්මන් කුසලාන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය හෙට (17 වැනිදා) සහ අනිද්දා (18 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මින් පෙර පැවැති තරග 2 ම ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇති බැවින් මෙම වසරේදී කණ්ඩායම් දෙකම ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් තරග බිමට පිවිසෙනු ඇත. 

මෙම තරගාවලියේදී පිරිනමනු ලබන කුසලානයන් ශාන්ත බෙනඩික් විද්‍යාලයේ සහ වෙස්ලි විද්‍යාලයේ ප්‍රසිද්ධ විදුහල්පතිවරුන් දෙදෙනකුගේ නම්වලින් නම් කර ඇත. කාට්මන් කුසලානය වෙස්ලි විද්‍යාලයේ හිටපු විදුහල්පති ජේම්ස් කාට්මන් පියතුමන් සිහි කිරීම සඳහා නම් කර ඇති අතර ලූක් පළිහ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ හිටපු අධ්‍යක්ෂක ලූක් ග්‍රෙගරි පියතුමන් වෙනුවෙන් නම් කොට ඇත. 

ලිනාල් සුබසිංහ විසින් මෙවර වෙස්ලි විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබයි. ඉදිරිපෙළ පිතිකරුවකු වන ඔහු මෙවර තරග වාරයේදී අර්ධ ශතක 6 ක් සමග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 500 කය ආසන්න වේ. මෙවර ශාන්ත බෙනඩික් විදුහල් කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ චමත් චාතූර්ය විසිනි. මෙවර තරග වාරයේදී කඩුලු 40 ක් දවාගැනීමට සමත්ව සිටින ඔහු බෙනඩික් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියාද වේ. 

දෙවිදුහල් අතර පැවැත්වෙන ‘ලූක් පළිහ’ සමාරම්භක සීමිත ඕවර තරගය මෙම මස 25 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. දෙවිදුහල් අතර මේ දක්වා පැවැති එක්දින තරග දෙකෙන් එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණ අතර සෙසු තරගය ජයගැනීමට ශාන්ත බෙනඩික් විදුහල සමත් විය. 

 

ශාන්ත බෙනඩික් විදුහල් සංචිතය 

චමත් චාතුර්ය (නායක), ශාරුජන් ශම්මුගනාදන් (උප නායක),  ඩිලාන් තාබෲ, විදුනෙත් විල්සන්, ෂෙරෝන් කන්නංගර, ෂෙනාල් සමරතුංග, කෝජිත හිම්සර, විහාර අත්තනායක, මෙවන් දිසානායක, අර්ෂාන් ජෝසප්, යොහාන් එදිරිසිංහ, නිලක්ෂන ජයකොඩි, හරේන් ඔලගම, නඳුන් ප්‍රනාන්දු, ඔනේෂ් මිචෙල්, එස්. අක්ෂාර්, අවීෂ වීරරත්න, දුමිඳු යෙහාන්, ශෙරන් දිසානායක, කෙවින් ජේසන්, පෙම්ලාල් ප්‍රනාන්දු මහතා (ප්‍රධාන පුහුණුකරු), ඩිල්ෂාන් විමුක්ති පියතුමා (ක්‍රිකට් භාර ආචාර්ය) සහ මධුෂංක කුලරත්න මහතා (සහාය පුහුණුකරු) 

 

වෙස්ලි විදුහල් සංචිතය 
ලිනාල් සුබසිංහ (නායක), දිසුල් යාපා (උප නායක), සනිතු අමරසිංහ, චමත් ගෝමස්, උවින් පෙරේරා, අෂාන් ඉසිර, අනුග පහන්සර, රෂ්මික අමරසිංහ, රුක්ෂාන් තරංග, රවිඳු සිගේරා, ජේතන් වයමන්, ශාකේෂ් මිනොන්, නිලුපුල් ලියනගේ, ගීත් කෝරාළ, කින්නර සූරියආරච්චි, ප්‍රනීත් නිම්ෂාන්, යාබේෂ් බෙලෙසින්, ශ්‍රීරාම් ජීවන්, බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු, දෙනෙත් සිගේරා, කීර්ති ගුණරත්න මහතා (ප්‍රධාන පුහුණුකරු), වසන්ත කස්තුරිආරච්චි මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ශානුක ජීවන්ත මහතා (සහාය පුහුණුකරු) සහ කාවින්දන පෙරේරා මහතා (සහාය පුහුණුකරු) 
 

 


අදහස් (0)

වෙස්ලි - ශාන්ත බෙනඩික් ගැටුම හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.