Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෙල්ලාලගේගෙන් වාර්තාවක්

වෙල්ලාලගේගෙන් වාර්තාවක්

editorial - 2022 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිට පිට තරග දෙකකදී කඩුලු 5 බැගින් දවාගනිමින් මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ සමත්ව සිටියි. 

මේ වන විට තරග 2 කදී නිලකුණු ඕවරයක්ද සමග ඕවර 19 ක් යවමින් ලකුණු 55 කට කඩුලු 10 ක් දවාගෙන සිටින වෙල්ලාලගේ එම තරග දෙකේදීම තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය. දෙවැනි තරගයේදී පිත්තෙන්ද දස්කම් දක්වමින් අර්ධ ශතකයක් ලබාගත් ඔහු 19 න් පහළ ජාත්‍යන්තර තරග 2 කදී කඩුලු 5 ක් දවාගනිමින් අර්ධ ශතකයක් ලබාගත් එකම ක්‍රීඩකයා බවටද පත්විය. 

මින් පෙර දෙසැම්බර් මාසයේදී එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදීද ලකුණු 68 ක් රැස්කරමින් ලකුණු 30 කට කඩුලු 5 ක් දවාගැනීමට වෙල්ලාලගේ සමත් විය. 

ඕස්ටේ්‍රලියානු තරගයෙන් අනතුරුව වෙල්ලාලගේ කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉතාමත් හොඳ මානසික මට්ටමක සිටින බවත්, මෙතෙක් පැවැති තරග දෙකේදී මෙන්ම 21 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී හොඳ සටනක් දීමට බලාපොරොත්තු වන බවය.

“මම හිතනවා මම ඇතුළු අපේ කණ්ඩායමේ පන්දු යවන්නෝ මේ තරගයේදී හුගක් හොඳින් පන්දු යැවුවා කියලා. ඕස්ටේ්‍රලියානු පිතිකරුවන්ට වැඩි වශයෙන් නිලකුණු පන්දු යවන්නයි අපි සැලසුම් කළේ. මම හිතනවා ඒ සැලසුම හරි ගියා කියලා. ඒ නිසා තමයි අපිට එයාලව ලකුණු 175 කට නවත්ත ගන්න පුළුවන් වුණේ.” යැයි එහිදී වෙල්ලාලගේ වැඩි දුරටත් පැවසීය. 

-036 


අදහස් (0)

වෙල්ලාලගේගෙන් වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.