Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෙල්ලාලගේ ගෙදර එයි

වෙල්ලාලගේ ගෙදර එයි

editorial - 2025 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සිය පියාගේ හදිසි අභාවය නිසා ආසියනු කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නකු වන දුනිත් වෙල්ලාලගේ අද උදෑසන දිවයිනට පැමිණියේය. දුනිත් වෙල්ලාලගේ ඊයේ රාත්‍රියේ පැවැති ආසියානු කුසලාන තරගයේදී දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කරමින් සිටියදී ඔහුගේ පියාණන් වන සුරංග වෙල්ලාලගේ මහතා සිය දිවිගමන නිමා කළේය. 

මිය යන විට 51 හැවිරිදි වියේ පසුවූ සුරංග වෙල්ලාලගේ මහතා ද දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. කඩුලු රකින්නෙකි. සුප්‍රකට ක්‍රිකට් පුහුණුකරුවන් වූ චිත්‍රාල් මෙන්ඩිස් සහ හේමාල් මෙන්ඩිස් දෙදෙනාගේ ගුරුහරුකම් ලද පිතිකරුවෙකි. 1993 දී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායයකයා වූ සුරංග වෙල්ලාලගේ, වරක් ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව පැවැත්වෙන වාර්ෂික එක්දින තරගයේදී උඩපන්දු 6 ක් රැකගනිමින් තරගයේ වීරයා විය. 

පසුව මොරටුව ක්‍රීඩා සමාජයටත්, ඕල්ඩ් කේම්බි්‍රයන්ස් ක්‍රීඩා සමාජයටත් වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේදී නවලෝක කණ්ඩායමටත් ක්‍රීඩා කළේය. 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර ඊයේ පැවැති ආසියානු කුසලාන තරගයේදී දුනිත් වෙල්ලාලගේ යැවූ ඕවර 4 න් ඇෆ්ඝනිස්ථානු පිතිකරුවෝ ලකුණු 49 ක් උදුරා ගත්හ. ඉනිමේ අවසන් ඕවරය යැවූ වෙල්ලාලගේ හමුවේ හයේ පහර 5 ක් ගැසූ මොහොමඩ් නබී එම ඕවරයේදී ලකුණු 31 ක් ලබාගත්තේය. 

තරගයෙන් අනතුරුව කණ්ඩායම් බසය බලා යමින් සිටි මොහොමඩ් නබී වෙල්ලාලගේගේ පියාණන්ගේ අභාවය ඇසීමෙන් මහත් කම්පනයට පත්විය. පසුව සිය ‘එක්ස්’ ගිණුමේ සටහනක් තැබූ ඇෆ්ඝනිස්ථානු තුන් ඉරියව් ක්‍රීඩකයා....

“ඔබගේ ආදරණීය පියාණන්ගේ අභාවය පිළිබඳව දුනිත් වෙල්ලාලගේට සහ ඔහුගේ පවුලේ සියලුම දෙනාට මගේ හෘදයංගම කණගාටුව ප්‍රකාශ කරමි....”

“සහෝදරයා.... මේ වෙලාවේ ශක්තිමත්ව නැඟී සිටින්න” යයි ලියා තිබිණ. 

- 213


අදහස් (0)

වෙල්ලාලගේ ගෙදර එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.