Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විශිෂ්ට සේවයට මුදලින් තෑගි

විශිෂ්ට සේවයට මුදලින් තෑගි

editorial - 2023 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩාංගණ මෙන්ම පුහුණුවීම් පහසුකම් සූදානම් කරමින් විශිෂ්ට සේවයක නිරත වූ ක්‍රීඩාංගණ සේවකයන්ට ආසියානු ක්‍රිකට් සභාවේ සභාපතිවරයා විසින් පොරොන්දු වූ මුදල් ත්‍යාගය ප්‍රදානය කරන ලදී. ආසියානු ක්‍රිකට් සභාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව පිරිනමන ලද ඇමරිකානු ඩොලර් 50,000 ක් (රුපියල් මිලියන 16) වූ මෙම මුදල් ත්‍යාගය වෙනුවෙන්, එක් ආයතනයක් ඇමෙරිකානු ඩොලර් 25,000ක දායකත්වයක් දැරීය. 

2023 ආසියානු කුසලාන තරඟාවලියේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවය කළ (ස්ථිර සහ කොන්ත්‍රාත් පදනම මත) සේවකයින් 138 දෙනකුට ත්‍යාග මුදල් පිරිනමන ලදි. මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 115 දෙනෙකුට ඔවුන්ගේ ත්‍යාග ලබන සිකුරාදා පිරිනැමෙනු ඇත. 

ඉතා දැඩි වර්ෂාවක් පැවැති වකවානුවක වූවත් තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා පුහුණුවීම් පහසුකම්, ක්‍රීඩාංගණ, තණතීරු, පිටිය ආවරණය කිරීම සහ අනාවරණ කිරීම මෙන්ම ඒ හා සම්බන්ධ සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා ක්‍රීඩාංගණ දෙකෙහිම කාර්ය මණ්ඩලය විශිෂ්ට සේවයක් කළේය. මෙම දුෂ්කර කාර්යයට දායක වූ ක්‍රීඩාංගණ භාරකරුවන්, තණතීරු අධීක්ෂකවරුන්, භූමි කාර්ය මණ්ඩලය සහ තාක්ෂණික කාර්ය මණ්ඩලය මෙම සුවිශේෂී ත්‍යාගයට හිමිකම් කීවේය. 

- 213 


අදහස් (0)

විශිෂ්ට සේවයට මුදලින් තෑගි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.