Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
නායක කේන් විලියම්ස් සහ ඩැරිල් මිචෙල් දෙදෙනා සිඩ්නි නුවරදී අද (09 වැනිදා) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ නියමිත ඕවර 20 නිමාවේදී නවසීලන්ත කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 154 ක් දක්වා තල්ලුකරගෙන ගියහ. එහෙත් මෙම ලකුණු සංඛ්‍යාව කිසිසේත්ම නවසීලන්ත පිතිකරුවන් බලාපොරොත්තු වූ ලකුණු සංඛ්‍යාව නොවේ.
ඉනිමේ පළමු ඕවරයේදීම ආරම්භක පිතිකරු ෆින් ඇලන් ලකුණු 04 කට දැවී යාමෙන් නවසීලන්ත පිතිකරුවෝ පසුබා ගියහ. ඕවර 10 ක් නිමාවේදී ඔවුන්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 59 ක් පමණි. එහෙත් 11 වැනි ඕවරයේ සිට අත දිගහැර පන්දුවට පහර දීමට වන් කේන් විලියම්ස් සහ ඩැරිල් මිචෙල් දෙදෙනා 11 වැනි සහ 12 වැනි ඕවර දෙකේදී ලකුණු 22 ක් උදුරා ගත්හ.
ඕවර 6 කින් ලකුණු 57 ක් උදුරා ගත් කේන් විලියම්ස් සහ ඩැරිල් මිචෙල් දෙදෙනා 16 වැනි ඕවරය නිමා වන විට ලකුණු සංඛ්‍යාව 116 දක්වා ඉහළ දැමූහ. ඩැරිල් මිචෙල් තරමක් සැර පහර කරා යද්දී නායක විලියම්ස් ක්‍රිකට් පොතේ සම්මත පහර යොදාගනිමින් පන්දුව හතරේ සීමාවෙන් එපිටට යැවීය.
අවසන් ඕවර 10 න් ලකුණු 95 ක් ලබාගත් නමුත්, පළමු ඕවර 10 දී පසුබැසීම නවසීලන්තයට අවාසිදායක විය හැකිව තිබේ. ලකුණු 24 කට කඩුලු දෙකක් දවාගත් ශහීන් ෂා අෆ්රීඩි පාකිස්තානුවන් අතර හොඳම පන්දු යවන්නා විය.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 154 යි
(ඩොවොන් කොන්වේ 21, කේන් විලියම්ස් 46, ඩැරිල් මිචෙල් නොදැවී 53, ජේම්ස් නීෂම් නොදැවී 16, ශහීන් ෂා අෆ්රීඩි 24/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.