Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග ඉතිහාසය වසර 21 ක් තරම ඈතට දිවයන නමුත් ශ්‍රී ලංකාව තවමත් බංග්ලාදේශය හමුවේ ටෙස්ට් තරගාවලියකින් පරාජය වී නැත.
වසර 2017 දී කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව පරාජය වූ නමුත්, ගාල්ලේදී පැවැති තරගය ජයගෙන තිබූ බැවින් එවරත් තරගාවලිය 1-1 ක් ලෙසින් සම විය. එහෙත් මේ දක්වා බංග්ලාදේශයේදී පැවැති සියලුම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබේ.
මෙවන් තත්ත්වයක් යටතේ, ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ මුදුන් හිණිපෙත්තේ සිට (පසුගිය දෙසැම්බරයේදී) 5 වැනි ස්ථානයට ඇද වැටී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මිර්පූර් නුවරදී හෙට (23 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය ඉතාමත් වැදගත් වනු ඇත.
ටෙස්ට් ලෝක ටෙස්ට් ශූරතාවලියේ වත්මන් ප්‍රසාද ලකුණු සටහන අනුව, 46.67 ්‍ර ක ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයේ සිටී. 19.05්‍ර ක ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි බංග්ලාදේශය 8 වැනි ස්ථානයට ඇද වැටී තිබේ.
පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 105 කට කඩුලු 6 ක් දවාගත් නයීම් හසන්ගේ ඇඟිල්ලේ අස්ථිය පුපුරායාම හේතුවෙන් ඔහු තුවාලකාරයන්ගේ ලයිස්තුවට ඇතුළත් වී සිටී. පන්දු යවන්නන් වන ෂොරිෆුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ් සහ මෙහෙදි හසන් තිදෙනාත් තුවාල ලබා සිටින බැවින් සත්කාරකයන්ගේ පන්දු යැවීම තව තවත් දුර්වල වී තිබේ. එවන් පසුබිමකදී හෙට ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල සතු බව නොකිවමනාවය.
එහෙත් ප්‍රශ්නයක් තිබේ. එනම් වාසිය මිටමොළවාගෙන සිටියදීත්, ජයග්‍රහණය කරා යාම අභියෝගයක් වීමයි.
වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුවිශේෂී ලක්‍ෂණය වන්නේ ඉතාම වාසිදායක තත්ත්වයක සිට, ඇසිපිය ගසන පමාවෙන්, අසරණ බවට ඇද වැටීමයි. පළමු ටෙස්ට් තරගයේදීත් ඊට උදාහරණ කිහිපයක්ම තිබිණ. මෙම තත්ත්වය ඇතිවීමට හේතුව, තමන් අත තිබෙන වාසිය ග්‍රහණය කරගැනීමට නොදන්නාකමද, නැතහොත් නොසැලකිල්ලද යන්න සොයා බැලීම පුහුණුකරුවන් සතු වගකීමකි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර වසර වසර 2018 දී බංග්ලාදේශයේදී පැවැති තරගාවලියේ පළමු තරගයේදීත් බංග්ලාදේශය ලකුණු 513 න් ලබාගත් නමුත් දෙවැනිව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුලු 9 කට ලකුණු 713 ක් ලබාගත්හ. එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු කඳු දෙකක් ගොඩගැසූ කුසල් මෙන්ඩිස් (196) සහ ධනංජය ද සිල්වා (173) දෙදෙනාම අදටත් ශ්‍රී ලංකා පිලේ සිටිති.
කෙසේ වෙතත් බංග්ලාදේශයද තරගය පහසුවෙන් අතහැර දැමීමට සූදානම් නැත. විශේෂයෙන්ම පළමු තරගයේදී ශ්‍රී ලංකාවේ ලකුණු 397 අභිබවා යමින්, මුල් ඉනිමේ වාසිය අත්කරගැනීම බංග්ලාදේශීන් කල් ඇතිව කළ සැලසුමක් නොවේ. එහෙත් එය සිදුවූ බැවින් ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් මෙල්ල කරගත හැකියයි යන්න බංග්ලාදේශ පිතිකරුවන්ගේ අපේක්‍ෂාවයි.
කෙසේ වෙතත් පන්දු යවන්නන් සිව් දෙනකු අහිමිවීම නම් බංග්ලාදේශ නායක මොමිනුල් හක් මෙන්ම පුහුණුකරු රසල් ඩොමින්ගෝ මහතාත් අපේක්‍ෂා නොකළ අකරතැබ්බයකි. මොමිනුල්ට දැන් ඇත්තේ සුබවාදී ආකල්පයක එල්ලීම පමණි.
“පිතිකරුවන් වුණත්, පන්දු යවන්නන් වුණත්, අපි කණ්ඩායමක් වශයෙන් එකා වගේ ක්‍රීඩා කරනවා නම් අපිට තරගයේ වාසිදායක තත්ත්වයක් ඇතිකරගන්නට පුළුවන්. ඩකා හිදී (මීර්පූර් නුවරට ආසන්නතම ප්‍රධාන නගරය) අපට ඒක උපකාරී වේවි” යයි මොමිනුල් ප්‍රංශ පුවත් සේවයට පවසා තිබිණ.
“අපි අපේ තරග බොහොමක් ක්‍රීඩා කරන්නේ ඩකාහිදී. එහිදී වේග පන්දුව වගේම දඟ පන්දුවත් හසුරුවාගන්නේ කොහොම ද කියලා අපි දන්නවා” යයි මොමිනුල් කියයි.
බංග්ලාදේශ කණ්ඩායමේ ටෙස්ට් තරග වැඩ හරියක් පැවැත්වෙන්නේ මීර්පූර් ක්‍රීඩාංගණයේදීය.
එහෙත් මෙම ක්‍රීඩාංගණයේදී වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ 2014 ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමයි. එය කඩුලු 6 ට 730 කි. අනෙක් අතර මිර්පූර් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ ටෙස්ට් තරග තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබේ. ඒවායින් අවසන් වරට පැවැති 2018 තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 215 කින් ජයගත්තේය.
ධනංජය ද සිල්වා ප්‍රංශ පුවත් සේවයට පවසා ඇති පරිදි, පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නන් සිය ප්‍රතිවාදීන්ට වඩා හොඳින් පන්දු යවා තිබේ. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන්නේ එතැනින් දෙවැනි ටෙස්ට් තරගයේ වාසිය අත්පත් කරගැනීමටය.
“කොහොමටත් ඩකා තණතීරුව දඟ පන්දු යවන්නන්ට තරමක් වාසිදායක වේවි. ඒ නිසා අපි පළමුවෙන් පන්දුවට පහර දෙනවා නම්, අපට ලකුණු 275 ක් හෝ 300 ක් ලබාගන්න වෙනවා. ඊට පස්සේ ඒ ගොල්ලන්ව ලකුණු 150 කට විතර තියාගන්න පුළුවන් නම්, එතනින් අපට වාසියක් ලබාගන්න පුළුවන්” යයි ද ධනංජය ප්‍රංශ පුවත් සේවයට පවසා තිබිණ.
පළමු ටෙස්ට් තරගයේදී කම්පන ආදේශකයා ලෙසින් කණ්ඩායමට එක්වූ කසුන් රාජිත, ශ්‍රී ලංකා පිලේ සාර්ථකම පන්දු යවන්නා විය. එහිදී ලකුණු 60 කට කඩුලු 4 ක් දවාගත් කසුන් රාජිත හෙට තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ වැඩි ඉඩක් පවතී.
මිර්පූර්හි ශ්‍රී-බංග්ලා ජාතික ක්‍රීඩාංගණය පන්දු යවන්නන්ට උපකාර කිරීමට සූදානම් පිට්ටනියකි. වසර 2016 න් පසුව එහිදී පැවැති ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී නැත. මෙම තත්ත්වය අනුව, මීර්පූර් ටෙස්ට් තරගය දෙපිලටම තීරණාත්මකය.
ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, කසුන් රාජිත, ප්‍රවීන් ජයවික්‍රම, අසිත ප්‍රනාන්දු, කමිල් මිෂාර, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, ඩිල්ෂාන් මධුශංක සහ ලසිත් ඇඹුල්දෙණිය
බංග්ලාදේශ සංචිතය
මොමිනුල් හක් (නායක), ටමීම් ඉක්බාල්, මහමදුල් හසන් ජෝයි, නජ්මුල් හොසේන්, මුෂ්ෆිකුර් රහීම්, සකිබ් අල් හසන්, ලිටන් දාස්, යසීර් අලී, මොසඩක් හොසේන්, තයිජුල් ඉස්ලාම්, එබාදත් හොසේන්, කාලීඩ් අහමඩ්, නුරුල් හසන්, රේජවුර් රහමන් සහ ෂොහිදුල් ඉස්ලාම්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.