Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අෆ්රිඩි - ක්‍රීඩිකාව මන්ධනා
ක්‍රිකට්

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අෆ්රිඩි - ක්‍රීඩිකාව මන්ධනා

editorial - 2022 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉකුත් වසරේ (2021) ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පාකිස්තාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩිද, ක්‍රීඩිකාව ලෙස ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණී ස්ම්‍රිති මන්ධනාද තෝරාගෙන ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් සභාව අද (24 වැනිදා) නිවේදනය කළේය.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී අෆ්රිඩිට ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානයද, මන්ධනාට රේචල් හේහෝ ෆිලින්ට් සමමානයද පිරිනැමීමට නියමිතය.

ගෙවී ගිය වසර තුළ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන ආකෘති තුනේම ජාත්‍යන්තර තරග 36 කදී කඩුලු 78 ක් දවාගැනීමට අෆ්රිඩි සමත්ව ඇති අතර එහි සාමාන්‍යය 22.20 ක අගයක් ගනී. එහිදී ටෙස්ට් සහ විස්සයි-20 ආකෘති වලදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ඔහු දැක්වූ දක්ෂතාවන් ඉතා ඉහළ මට්ටමක පවතී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ තරග 6 කදී කඩුලු 7 ක් දවාගත් අෆ්රිඩි සිය කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා රැගෙන ඒමට මනා දායකත්වයක් සැපයීය. එම වසර තුළ ටෙස්ට් තරග 9 කට ක්‍රීඩා කළ ඔහු එහිදී කඩුලු 47 ක් දවාගත්තේ 17.06 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවැති මූලික වටයේ තරගයේදී ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ශර්මා සහ ලෝකේෂ් රාහුල් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාගැනීම සහ අවසන් ඕවර කිහිපයේදී නායක විරාට් කෝලි දවාගැනීම එම වසර තුළදී අෆ්රිඩි දැක්වූ දස්කම් අතර කැපී පෙනෙන්නකි.

ගෙවී ගිය වසර තුළ සියලුම ආකාරයේ ජාත්‍යන්තර තරග 22 කදී ශතකයක් සහ අර්ධ ශතක 5 ක් සමග ලකුණු 855 ක් රැස්කිරීමට මන්ධනා සමත් වූ අතර එහිදී ඇගේ ලකුණු රැස්කිරීමේ සාමානයය 38.86 ක අගයක් ගත්තේය. දකුණු අප්‍රිකාවට එරෙහිව ඉන්දියාවේදී පැවැති සීමිත ඕවර තරග 8 කදී ඉන්දියාව ලැබූ ජයග්‍රහණ දෙක සඳහාම මන්ධනා පිත්තෙන් දායකත්වය සැපයූවාය.  

දෙවැනි එක්දින තරගයේදී ලකුණු 158 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 80 ක් රැසකළ මන්ධනා, අවසන් විස්සයි-20 තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 48 ක් රැස්කිරීමට සමත් වූවාය.

එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 78 ක් රැස්කළ මන්ධනා, ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ දෙවැනි තරගයේදී ලකුණු 86 ක් රැස්කළාය. ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී සිය මංගල ශතකය ලබාගත් ඇය එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනාගත්තාය.

මේ අතර වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා බවට එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්ද, වසරේ එක්දින ක්‍රීඩකයා බවට පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම්ද පත්ව ඇත. වසරේ එක්දින ක්‍රීඩිකාව බවට පත්ව ඇත්තේ දකුණු අප්‍රිකාවේ ලිසෙලි ලීය. වසරේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් සහ එංගලන්තයේ ටැමී බියුමොන්ට් නම් කර ඇත.


සම්මාන ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
■    වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා - ශහීන් අෆ්රිඩි (පාකිස්තානය)
■    වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව - ස්මි්‍රති මන්ධනා (ඉන්දියාව)
■    වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා - ජෝ රූට් (එංගලන්තය)
■    වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා - බාබර් අසාම් (පාකිස්තානය)
■    වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව - ලිසෙලි ලී (දකුණු අප්‍රිකාව)
■    වසරේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩකයා - මොහොමඩ් රිස්වාන් (පාකිස්තානය)
■    වසරේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩිකාව - ටැමී බියුමොන්ට් (එංගලන්තය)
■    වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා - යනෙමන් මලාන් (දකුණු අප්‍රිකාව)
■    වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩිකාව - ෆාතිමා සානා (පාකිස්තානය)
■    ටෙස්ට් වරම් නොමැති රටවල් අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා - සීෂාන් මක්සූද් (ඕමානය)
■    ටෙස්ට් වරම් නොමැති රටවල් අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව - ඇන්ඩි්‍රයා සෙපේඩා (ඔස්ටි්‍රයාව)
■    වසරේ විනිසුරුවරයා - මේරිස් එරැස්මස් (දකුණු අප්‍රිකාව)

 


 

-036

 


අදහස් (0)

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අෆ්රිඩි - ක්‍රීඩිකාව මන්ධනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.