Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ශ්‍රී ලංකාවේ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය වඩාත් ශක්තිමත් සහ තරගකාරී තරගාවලියක් කිරීමේ අරමුණ ඇතිව, මීළඟ අන්තර් සමාජ තරගාවලි කිහිපයේදී කණ්ඩායම් 11 ක් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව මෙ වසරේ (2021) තරගාවලියේදී කණ්ඩායම් 4 ක් ද, ලබන වසරේ තරගාවලිය්දී තවත් කණ්ඩායම් 4 ක්ද, 2023 තරගාවලියේදී තවත් කණ්ඩායම් 3 ක් ද පළමු පෙළ තරගාවලියෙන් ඉවත් කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරගාවලිය ඉතාමත් දියාරු, තරගකාරීත්වයෙන් තොර, තරගාවලියක් බව වසර ගණනාවක සිටම ක්‍රිකට් ප්‍රවීණයෝ කියති. එබැවින් පළමු පෙළ ක්‍රීඩා සමාජ තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව 15 ක් දක්වා සීමා කිරීම වත්මන් ක්‍රිකට් උපදේශක කමිටුවේ නිර්දේශය වී තිබේ.
අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් උපදේශක කමිටුවේ යෝජනාවක් මත මෙතෙන් පැවැති ‘ඒ’ ශ්‍රේණියේ තරගාවලිය සහ ‘බී’ ශ්‍රේණියේ තරගාවලිය එකම තරගාවලියක් බවට පත්කර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුවේ අවසරය හිමිවී ඇත.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමගින් පසුගිය වසරේ (2020-2021) පැවැත්වීමට නියමිතව තිබූ අන්තර් සමාජ පළමු පෙළ තරගාවලිය පැවැත්වීය නොහැකි විය. නමුත් අන්තර් සමාජ විස්සයි20 සහ සීමිත ඕවර (ඕවර 50) තරගාවලිය පමණක් පසුගිය වසරේදී පැවැත්වුණි.
අවසන් පළමු පෙළ තරගාවලියේදී ‘ඒ’ ශ්‍රේණියෙන් ක්‍රීඩා සමාජ 14 ක් තරග වැදුණු අතර ‘බී’ ශ්‍රේණියෙන් ක්‍රීඩා සමාජ 12 ක් තරග වැදුණි. මෙවර එම කණ්ඩායම් 26 ම එකම තරගාවලියකට ගෙන කාණ්ඩ දෙකකින් තරගාවලිය පැවැත්වේ. එක් කාණ්ඩයකට ක්‍රීඩා සමාජ 13 ක් ඇතුළත් වන අතර එක් කණ්ඩායමක් තරග 12 බැගින් ක්‍රීඩා කළ යුතුව තිබේ.
මාස 4 කට ආසන්න කාළයක් පැවැත්වෙන පළමු පෙළ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩයන්හී පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක දෙසැම්බර් 9 වැනිදා ආරම්භවන අවසන් මහ තරගයේදී ක්‍රීඩා කරයි. අවසන් මහ තරගය සිව්දින තරගයක් ලෙස පැවැත්වෙනු ඇත.
සතියකට එක් තරගය බැගින් මාස 4 කට ආසන්න කාළයක් අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) තරගාවලියද පැවැත්වෙන අතර මූලික වටයේ තරග නොවැම්බර් 30 වැනිදා අවසන් විමට නියමිතව ඇත. ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩයන්හී පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 අතර අවසන් පූර්ව තරග දෙසැම්බර් 7 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහ තරගය දෙසැම්බර් 14 වැනිදා පැවැත්වේ.
අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) තරගාවලිය සැප්තැම්බර් 07 වැනිදාත්, පළමු පෙළ තරගාවලිය (තුන් දින) සැප්තැම්බර් 10 වැනිදාත්, ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට තීරණය කර ඇත. එහෙත් රටේ පවත්නා කොරෝනා තත්ත්වය මත තරගාවලියේ ආරම්භක දිනය තීරණය වනු ඇත.
තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව අවසන් තීරණය මෙතෙක් ගෙන නොමැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.