ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සහ කොළඹ ලූම්බිණි විදුහල අතර පැවති අන්තර් පාසල් වයස අවුරුදු 17 න් පහළ , වැනි කාණ්ඩයේ අවසන් පූර්ව තරගයෙන් කොළඹ ලූම්බිණි විදුහල පරදවා කඩුලූ 3 ක ජයක් ලැබූ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල, අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.
ශාන්ත තෝමස් විදුහල අවුරුදු 17 න් පහළ පළමු , කාණ්ඩයේ තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන තිබෙන්නේ වසර 14 පසුවය.
මුවර්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ලූමුබිණි පිලේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත්තත්, නියමිත ඕවර 35 අවසන් වට විට කඩුලූ 8 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 176 ක් පමණි. ලකුණු 177 ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි සාන්ත තෝමස් කී‍්‍රඩකයෝ කඩුලූ 7 ක් පමණක් දැවී, පන්දු 3 ක් ඉතිරිව තිබියදීම එම ඉලක්කය පසුකර යෑමට සමත්වූහ.
ශාන්ත තෝමස් පිලේ තරිඳු රත්නායක සහ දුලාංජ සිල්වා අර්ධ ශතකයක් ලබාගනිමින් තම පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.
තරගාවලියේ පළමු වටයේ තරග වලදී පිළියන්දල මධ්‍ය මහ විදුහල, පන්නිපිටිය ධර්මපාල විදුහල, කොළඹ ලූම්බිණී විදුහල සහ කේරි විදුහල පරාජය කරමින් දෙවැනි වටයට පිවිසි ශාන්ත තෝමස් පිල, එහිදී පානදුර රාජකීය විදුහල සහ පසුගිය වසරේ ශූරතාව දිනාගත් වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලද පරාජය කරමින් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුසුදුකම් ලබාගත්තේය.
පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී ශාන්ත පීතර විදුහලත්, අර්ධ අවසන් පූර්ව වටයේදී ශාන්ත ජොෂප් විදුහලත් පරාජය කළ සාත්ත තෝමසුවෝ ලූම්බිණි විදුහල සමගින් අවසන් පූර්ව තරගයට කී‍්‍රඩා කිරීමට මං විවිර කරගත්හ.
වසර 14 කට පෙර සාන්ත තෝමස් විදුහල් පිල අවසන් තරගය කරා ගෙන ගිය පුහුණුකරු දිනේෂ් කුමාරසිංහ මහතා නැවතත් සාන්ත තෝමස් පිලට එක්වී මාස කිහිපයකින් අනතුරුව කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමත් විශේෂත්වයකි.
ලූම්බිණි විදුහල ඕවර 35 කදී කඩුලූ 8 කට 176
(මොහොමඞ් අක‍්‍රම් 34, ජම්මික දරනි 36, ෂේන් නලවංස 33, චේනුත වික‍්‍රමසිංහ 36/3)
සාන්ත තෝමස් විදුහල ඕවර 34.3 කදී කඩුලූ 7 කට 181
(තරිඳු රත්නායක 63, දුලාංජ සිල්වා 50, සචිත‍්‍ර ජයතිලක නොදැවී 43, ජනිත් ඩයස් 31/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.