Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වයඹ පළාත් - ආනන්ද සටන 21 දා

වයඹ පළාත් - ආනන්ද සටන 21 දා

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පුත්තලම දිසාවේ බෞද්ධයින්ගේ දරුවන්ට බොදු හැදියාවක් යටතේ අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් ආරම්භ කළ පුත්තලම ආනන්ද ජාතික පාසල සහ හලාවත ආනන්ද ජාතික පාසල අතර වාර්ෂිකව පැවැත්වෙන ”ආනන්ද සටන” ක‍්‍රිකට් තරගය  සිව්වැනි වරටත් මේ මස 21 වැන දින පුත්තලම ආනන්ද ජාතික පාසල් ක‍්‍රිඩා පිටියේ දී උසස් අන්දමින් පැවැත්වීමට සියලූ කටයුතු සුදානම් කර ඇත.

පුත්තලම ආනන්ද ජාතික පාසලේ ක‍්‍රීඩා විෂය භාර ආචාර්යවරයාගේ අප‍්‍රතිහත උනන්දුව මැද මෙයට වසර තුනකට කලින් විදුහල් දෙක අතර පැවැති සාකච්ඡවක ප‍්‍රතිඵලයක් ලෙසු 2011 වසරේ දී මෙම තරගය ප‍්‍රථම වරට පැවැත්විණ.

පළමු තරගයේ ජය ගැනිමට පුත්තලම ආනන්ද ක‍්‍රීඩකයින්ට හැකි විය. මේ වන විට පැවැත්වුණු තරග තුනෙන් දෙකක ජය පුත්තලම ආනන්දීයයන් විසින් අත්කරගනු ලැබ ඇති අතර හලාවත ආනන්ද පිල හිමිකර ගෙන ඇත්තේ ජයග‍්‍රහණයක්  පමණි.
සහන් ජයවර්ධන පුත්තලම ආනන්ද කණ්ඩායමේ නායකත්වය දරන අතර  බිනුර ප‍්‍රබුද්ධ රාමනායක හලාවත ආනන්ද කණ්ඩායමේ නායකත්වය දරයි.

පුත්තලම ආනන්ද ජාතික පාසලේ විදුහල්පති සුමනසිරි අමරසිංහ මහතා නියෝජ්‍ය විදුහල්පතිනී පුෂ්පා කුමාරි මහත්මිය ක‍්‍රිකට් භාර ආචාර්ය එම්. ආර්. එම්. රිප්ඛාන් මහතා  සහ පුහුණුකරු ඞී.එස්.එන්.පෙරේරා මහතා එම පිලට ධෛර්යය දෙති.
 
හලාවත ආනන්ද ජාතික පාසලේ විදුුහල්පති සරත් විජේසිංහ මහතා ක‍්‍රිකට් භාර ආචාර්ය ජයන්ත විදානපතිරණ මහතා ක‍්‍රිකට් පුහුණුකරු රොෂාන් පෙරේරා මහතා එම කණ්ඩායමේ සාර්ථකත්වය පසුපස සිටිති.

 

 

 

 

 

 


පුත්තලම ආනන්ද කණ්ඩායම
සහන් ජයවර්ධන (නායක), අශේන් ගිම්හාන, සංජය සදරුවන්, ප‍්‍රනීත් සංජිව, නලින් ප‍්‍රසාද් (උ.නා.), හර්ෂ ධනංජය, ෂෙහාන් සංකල්, සමිත සුලක්ෂණ, සුරේශ් චතුරංග, චානුක තරිඳු, ඉෂාර කුමාර,  ෂෙහාන් මධුසංක, අශාන් ෂේරංග, මලිත් සපුමල්, හසිත දේශප‍්‍රිය, සමීර චින්තක.

 

 

 

 

 

 

 

හලාවත ආනන්ද ජාතික පාසල් කණ්ඩායම
බිනර ප‍්‍රබුද්ධ රාමනායක (නායක), හසිත ලක්ෂාන්, විදුර රංගන (උ.නා.), අරවින්ද දේශභක්ති, විහඳ සදරු, සජින්ද්‍ර විරාජිත්, ජනිත් මධුරංග, ධනුෂ්ක මධුරංග, පැතුම් මධුහංස, පමුදු අසින්ත, උවිඳු සුධාරක, නිශාන් අචලංක, සසිඳු දේධම්, රෙෂාන් කවිශ්ක, අනුජ ඉසුරු, මිහිඳු රාවුත්, ලක්ෂාන් ප‍්‍රනාන්දු.

 


අදහස් (0)

වයඹ පළාත් - ආනන්ද සටන 21 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.