Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වනිඳුට තරග දෙකක තහනමක්

වනිඳුට තරග දෙකක තහනමක්

editorial - 2024 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩකයකු සහ නායකයකු අනුගමනය කළයුතු ආචාර ධර්ම උල්ලංඝණය කිරීම නිසා ශ්‍රී ලංකා විස්සයි-20 නායක වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පනවන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව සෙනසුරාදා (24 වැනිදා) නිවේදනය කළේය. ඒ හේතුවෙන් ලබන මස 4 සහ 6 දිනවලදී බංග්ලාදේශයට එරෙහිව ශිලාත් නුවරදී පැවැත්වෙන විස්සයි-20 තරග දෙකම වනිඳු හසුරංගට අහිමි වනු ඇත. 

“අන්තර්ජාතික තරගයකදී ක්‍රීඩකයෙකුට, ක්‍රීඩකයන්ගේ පරිවාර නිලධාරියකුට හෝ විනිසුරුවරයකුට නැතහොත් තරග තීරකවරයකුට අපහාස වන පරිදි කටයුතු කිරීම සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රීඩකයන් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහයේ 2.13 වගන්තිය කඩ කිරීම සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් වනිඳු හසරංගට තරඟ දෙකක තහනමක් පනවා තිබේ. ඒ හේතුවෙන් වනිඳු හසරංගට බංග්ලාදේශයට එරෙහි පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරඟ දෙක අහිමි වනු ඇත” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සෙනසුරාදා නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ. ඊට අමතරව ඔහුගේ තරග මුදලින් 50්‍ර ක් දඩ වශයෙන් නියම කර ඇත. 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පසුගිය 21 වැනිදා රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි-20 තරගය නිමාවේදී ශ්‍රී ලංකා නායකයා විනිසුරු ලින්ඩන් හැනිබල් මහතා සමග එළිපිටම ගැටුමක් ඇතිකර ගත්තේය. ඉන් පසුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවා වනිඳු ප්‍රකාශ කළේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු සම්බන්ධයෙන් පිළිගත හැකි දේ නොවේ. 

මේ හේතුවෙන් වනිඳු හසරංගට ‘අගති ලකුණු’ 5 ක් නියම වූ අතර එය දඬුවම් ලකුණු වලට පරිවර්තනය කිරීමේදී ටෙස්ට් තරගයකට හෝ එක්දින නැතහොත් විස්සයි-20 තරග 2 ක තහනමකට සමාන විය. ඒවායින් කවරක් හෝ පළමුව ඇති තරග වලදී ක්‍රියාත්මක විය යුතුය. ඒ අනුව බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු සහ දෙවැනි විස්සයි-20 තරග දෙකම වනිඳු හසරංගට තහනම් කර තිබේ. 

මේ අතර දඹුල්ලේදී පැවැති තරගයේදී ක්‍රීඩක ආචාර ධර්ම උල්ලංඝණය කිරීම හේතුවෙන් ඇෆ්ගනිස්තාන ජාතික රමනුල්ලා ගුර්බාස්ට ද දඬුවම් නියම කර තිබේ. අන්තර්ජාතික ක්‍රීඩකයන් විසින් අනුගමනය කරනු ලැබිය යුතු ආචාර ධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම කඩ කිරීම හේතුවෙන් රමනුල්ලාගේ තරඟ ගාස්තුවෙන් 15්‍ර ක දඩයක් ලෙස නියම කර ඇත.

- 213


අදහස් (0)

වනිඳුට තරග දෙකක තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.